සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසය වෙනස් කළ මොදිගේ ඇමරිකා සංචාරය!

by editor
ජූනි 26, 2023 - Updated on ජූලි 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මෑත ඉතිහාසයේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජතාන්ත්‍රික සම්බන්ධතා වල උච්චතම අවස්ථාවක් සනිටුහන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් ජනපදයේ සංචාරයක නිතරවිය.

මෙම සංචාරය ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සහ ලොව පස්වැනියාට විශාලතම ආර්ථිකය වන ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර නව පරිච්චේදයක් ආරම්භ කිරීමට සමත්විය. එහිදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හට සිය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මෙහෙය වීම් යම් ආකාරයින් වෙනස් කිරීමට ඉන්දීය අග්‍රමාත්‍යවරයා සිය සුව පහසු දේශපාලන රාමුවෙන් පිටතට අඩියක් තැබීමටත් සිදුවිය.

මෑත ඉතිහාසයේ රාජ්‍ය බලයේ සිටින ඉහළම ජන ප්‍රසාදයක් හිමිකරගත් නායකා වන ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ ඇතැම් ක්‍රියා කළාපයන් බටහිර ලෝකය යම් කනස්සල්ලට පත් කරන ස්වරූපයක් ගන්නා ඒකාධිපතිවාදය දෙසට ගමන් කිරීමක් පෙන්නුම් කරයි. මෙහිදී ඉන්දීය අග්‍රමාත්‍යවරයා විසින් ඔහු විසම්මුතිය මර්දනය කර, මාධ්‍යවේදීන් ඉලක්ක කිරීමත්, මුස්ලිම්වරුන්ට හට යම් වෙනස්කම් කරන ආකාරයේ ප්‍රතිපත්ති හඳුන්වා දුන් බවට මානව හිමිකම් සංවිධාන විසින් පසුගිය කාලය පුරාවටම චෝදනා කරනු ලැබීය.

එහෙත් මෝදි සහ ඉන්දියාව ආසියාව තුල බයිඩන් පරිපාලනයේ උපාය මාර්ගික වශයෙන් වැදගත්ම සාධයක් බවට පත්ව තිබේ. එමෙන්ම අද වන විට දේශගුණික විපර්යාසයේ සිට තාක්ෂණික ලෝකයේ වර්ධනය තෙක් වූ සියලුම ප්‍රධාන ගෝලීය අභියෝග ඉදිරියේදී ඉන්දියාව ප්‍රබල ගාම්‍ය බලවේගයක් වී තිබේ.

ඒ අනුව මෙම කරුණු දෙස බලන කල්හී බයිඩන් පාලනයට එක්සත් ජනපදය සහ චීනය අතර ඇතිව තිබෙන උණුසුම්කාරී තත්ත්වය හමුවේ සියට මිතුරු හවුල වර්ධනය කරගැනීමටද සිදුව ඇති පසුබිමක ඉන්දියාව ඉතා වැදගත් පාර්ශවකරුවෙකු බවට පත්ව ඇත.

RelatedPosts

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

මෙහිදී ඉන්දියාව සහ චීනය අතර පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉන්දියාවටද එක්සත් ජනපද සහය වැදගත් වන අතර ඒ අනුව තම සතුරාගේ සතුරා තම මිතුරා යන සංකල්පය ඔස්සේ ඉන්දියාව සහ එක්සත් ජනපදය සුවිශේෂී බලතුලනයක සිටින බවද පෙනීයයි.
.
මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේදී ඉන්දීය අග්‍රාමත්‍යවරයාව ඇමරිකානු මිත්‍රත්වය පෙන්නුම් කරනු ඉහළම මට්ටමින් පිළිගනු ලැබීය. එහිදී භට පිරිස්කගේ ආචාර මැදින් පිළිගැනීමක්ද පසුව ඕවල් කාර්යාලයේ සුවිශේෂී සාකච්ඡාවක්ද පැවැත්වීණි.

එම සාකච්ඡාවෙන් අනතුරුව විශේෂ රාත්‍රී භෝජණ සංග්‍රහක්ද පැවැතිවිණි. මෙහිදි ඉන්දීය අග්‍රමාත්‍යවරයා මංශ අනුභව නොකරන බැවින් ඊට ඔබින ආහාර පිළියෙල කිරීමට විශේෂ සූපවේදියෙකුගේ සහය යොදා ගැනීම එක්සත් ජනපදයට ඉන්දියාව ඉතා වැදගත් මිතුරෙකු බව සනාථ කිරීමට ගත් උත්සහයක් බවට පෙන්වා දිය හැකිය.

පසුව, නායකයින් දෙදෙනා ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී වාර්තාකරුවන් ඇමතුවේ බයිඩන් ජනාධිතිවරයා පමණි.

එහෙත්, අග්‍රමාත්‍ය මෝදි, ඔහු බලයට පත් වූ දින සිට එකම වාරයක් සඳහා, විරුද්ධ මත සහ ආගමික සුළුතරයන්ට සැලකීම පිළිබඳ ඔහුගේ මර්දනය පිළිබඳ ප්‍රශ්නයකට ද ප්‍රතිචාර දැක්වීය.

“වෙනස් කොට සැලකීමට කිසිසේත්ම ඉඩක් නැත,” යනුවෙන් අග්‍රමාත්‍ය මෝදි පරිවර්තකයෙකු හරහා පැවසීය. ‘ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන විට මානව වටිනාකම් නැත්නම් මනුෂ්‍යත්වය නැත්නම් සහ මානව හිමිකම් නොමැති නම් එය ප්‍රජාතන්ත්‍රවාදය නොවේ.” යනුවෙන් පැවසීය.

මෙය ඉතා කලාතුරකින් සිදුවන සිදුවීමක් වන අතර ඉන්දීය අග්‍රමාත්‍යවරයා පුවත්පත් සාකච්ඡා හෝ ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් නොදක්වන බැවින් මෙලෙස අදහස් දැක්වීම ඉතාම සුවිශේෂී සිදුවීමක් ලෙස හැදින්විය හැකිය.

දෙරටේ නායකයින් අතර පැවති සාකච්ඡා අතර තුරදී දෙරටටම වැදගත්වන තාක්ෂණ හා ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ගිවිසුම් ඇති කරගැනීම කෙරෙහිද අවධානය යොමු කළයුතුය. එය මේවන විට ඉතා ආක්‍රමණශීලී ස්වරූපයකින් බිජිං පාලනය විසින් කළාපය ආරක්ෂාවට අභියෝගයක් එල්ල කිරීමට සාර්ථකවය මුහුණ දීමට බයිඩන් ජනාධිපතිවරයා ගත් පියවරක් ලෙසද පෙන්වා දිය හැකිය.

මේ අතර අදාල සාකච්ඡා අතරද තවත් ගෝලීය වශයෙන් වැදගත් කාරණා කීපයක් සම්බන්ධයෙන්ම අවධානය යොමුවිය. එහිදී මේවන විට ගෝලීය වශයෙන් වැඩිම බලපෑමක් එල්ලකරන රුසියානු යුක්‍රේන යුධ ගැටුම් පිළිබඳවද දෙරටේ නායකයෝ අවදානය යොමු කළහ.
එම කාරණයේදී ඉන්දියාව කිසිඳු පාර්ශවයකට සහය නොදක්වන් පදනමක් මත කටයුතු කිරීමත් එක්සත් ජනපදය යුක්‍රේනයට සහය ලබාදීම යන කාරණා හේතුවෙන් සිය මුඛ්‍ය පරමාර්ථ වෙනතකට යොමුනොකරන ආකාරයට සාකච්ඡා ඉදිරියට ගෙනයාමට හැකියාව ලැබිණි.

ඉන්දියාව නිශ්චිත පැත්තක් නොගත් ගැටුමක් වන රුසියාවේ අඛණ්ඩ යුද්ධය සාකච්ඡාවට භාජනය විය. නවදිල්ලියක්ගේ නව රුසියානු තෙල් අඛණ්ඩව මිලදී ගැනීම මොස්කව් ගෝලීය සම්බාධක මධ්යයේ මුක්කු ගැසීමට උපකාරී වී තිබේ.

රුසියා යුක්‍රේන ගැටුමේදී ඉන්දියාව කිසිඳු පාර්ශවකට සහය නොදුන්නටද රුසියාවෙන් අඛණ්ඩව තෙල් මිලදී ගැනීම සිදුකරන අතර එය වක්‍රාකාරව ගෝලීය වශයෙන් ආර්ථික සම්බාදක පනවා තිබුනද රුසියාවට සිය යුද කටයුතු වලට අවශ්‍ය අරමුදල් සොයා ගැනීමට සහය දීමක් කරයි.

එහිදී ඇතැම් බටහිර රටවල් විසින් ඉන්දියාව දෙසට යම් ආකරයක ඇගිල්ල දිඟු කිරීමක් කළද එය ඉතා සාර්ථකව පාලනය කිරීමටත් ගෝලීය සම්බන්ධතා අඛණ්ඩව පත්වාගෙන යාමටත් ඉන්දියාව පසුගිය කාලය පුරාවටම සමත්ව තිබේ.
එය ඉන්දියාව මෑත ඉතිහාසයේ ලබා ගත් ඉතා ඉහළ මට්ටමේ රාජ්‍යතානත්‍රික ජයග්‍රහනයක් වන අතර එම තත්ත්වය හමුවේ ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම අග්‍රමාත්‍ය මෝදිගේ එක්සත් ජනපද සංචාරයට කිසිඳු ආකාරයක බලපෑමක් ඇති කිරීමට සමත් නොවීය.

ඒ අනුව එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේ.කේ. සුලිවන් මෝදී අග්‍රමාත්‍යවරයාගේ සංචාරයට මත්තේන් මාධ්‍ය වෙත පවසා සිටියේ, “මූලික වශයෙන්, එක්සත් ජනපදය සහ ඉන්දියානු සම්බන්ධතාවයන් හී දිගුකාලීන ගමන් මඟ ඉදිකර ඇත්තේ දෙරට විසින්ම පොදු කාරණා සම්බන්ධයෙන් එකගතාවයකින් සිටින පසුබිමකයි” යනුවෙනි.

කෙසේ වෙතත් මෝදි අග්‍රමාත්‍යවරයා මෙලෙස ධවල මන්දිරයට ඉතා උණුසුම් ලෙස පිළිගැනීම ඉතා සුවිශේෂී කරණයක් ලෙසද පෙන්වා දිය හැකිය. මන්ද ඔහු බලයට පත්වීමත් සමඟම ඉන්දියාව අත්කරගත් සීඝ්‍ර ආර්ථික වර්ධනය ඉතා ප්‍රංශනීය වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස නුදුරේදිම ලොව සිව්වැනියට විශාලතම ආර්ථිකය බවට පත්වීමටද ඔවුන්ට හැකියාව පවතී.

මේ අතර ඉන්දියාව ලොව විශාලතම ආර්ථික දහය අතුරෙන් වැඩිම ආර්ථික වේගයක් අත්පත් කරගත ආර්ථිකය වන අතර එය පසුගිය කාලය පුරාවටම අඛණ්ඩව වර්ධනය කරගැනීමටද සමත්විය. ඒ අනුව ඉන්දියාව අදවන විට ලොව බලගතුම රාජ්‍යක් වන අතර ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් නිෂ්පාදන වලට විශාලතම වෙළෙද පොළ බවටද පත්ව ඇත්තේ ඉන්දියාවයි.

ඒ අනුව අදවන විට ඉන්දියාව යනු එක්සත් ජනපදයට නැතිවම බැරි ආර්ථික සහකරුවෙකු වන අතරම ඉවත් කළ නොහැකිම ලෝව බලවතකු ලෙසද හැදින්විය හැකිය

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශබන්දුගේ සිතාසි බල රහිත කරමින් අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක්!

Next Post

අස්වැසුම දිඹුලාගල දී  ඇවිලෙයි…  විරෝධතාකරුවන් මැදට ගිය පොහොට්ටු මන්ත්‍රී ජගත් සමරවික්‍රම හූ කියා පළවා හරී…

Related Posts

Hiphop-Sangee
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
පුවත්

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

ජූනි 12, 2026
Air-Canada
පුවත්

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

ජූනි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.