අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අස්වැසුම දිඹුලාගල දී  ඇවිලෙයි…  විරෝධතාකරුවන් මැදට ගිය පොහොට්ටු මන්ත්‍රී ජගත් සමරවික්‍රම හූ කියා පළවා හරී…

මන්ත්‍රීවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරයා ජූලි 10න් පසු සියලුම ප්‍රශ්න විසඳන බවට වූ පොරොන්දුවෙන් පසු විරෝධතාකරුවෝ නික්ම යති!

by editor
ජූනි 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –    

  • මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට පොලිසිය විසින් ඔහුව රැගෙන ගිය දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විරෝධතා කරුවෝ වටලති…

  • ප්‍රදේශීය ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයත්, මන්ත්‍රීවරයාත් පැයක් නිවාස අඩස්සියේ….

අස්වැසුම ණය යෝජනා ක්‍රමයෙන් අත්හැර දැමූ ලංකාවේ දූගීම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයක්වන දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 56ක පවුල් 2500ක් විසින් අද (26) දහවල් සංවිධානය කළ දැවැන්ත උද්ඝෝෂණයක් අතර මැදට පිවිසි පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම විරෝධතා කරුවන්ගේ දැඩි විරෝධය හමුවේ පොලිස් ආරක්ෂාව යටතේ දිඹුලාගල ප්‍රදේශීය ලේකම් කාර්යාලය වෙත රැගෙන යෑමට පොලිසියට සිදු විය.

හූ කියමින් කෑ ගසමින් සිටි විරෝධතාකරුවන් සිය දැඩි විරෝධය ප්‍රකාශ කරමින් මන්ත්‍රීවරයා සහ පොලිසිය පසුබැස ගිය දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටකර ප්‍රදේශීය ලේකම්වරයා සහ කාර්ය මණ්ඩලයත් මන්ත්‍රීවරයාත් පැයකට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ තැබූහ.

අවසානයේ දී ජූලි 10 වැනිදා වනවිට සියලුම ප්‍රශ්න නිරාකරණය කර දෙන බවට මන්ත්‍රීවරයාත් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයාත් නැවත නැවත පොරොන්දු වීමෙන් අනතුරුව විරෝධතා කරුවෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියෙන් ඉවත් වීගියහ.

සිද්ධිය පෙළ ගැසුනේ මෙසේය.

අස්වැසුම සහනාධාර වැඩසටහනට ඇතුළත් නොවූ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 56ක  සිංහල, දමිල, ආදිවාසී සාමාජිකයන් සහිත පවුල් දෙදහස් පන්සියකට ආසන්න පිරිසක් පොලොන්නරුව මඩකලපුව සහ පොලොන්නරුව, මහියංගන ප්‍රධාන මාර්ග දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටින් හා මනම්පිටිය පොලිසිය අසලින් අවහිර කරමින්  අද (26 ) දැවැන්ත විරෝධතාවයක නිරත වූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සමෘද්ධි  සහනාධාරය ඉවත්කරමින් තම පවුල්වලට රජය බලවත් අසාධාරණයක් සිදුකර ඇති බවත්, අස්වැසුම සහනාධාරය ප්‍රදේශයේ පෝසත්, ධනවත්, අරක්කු ව්‍යාපාරිකයන්ට, ටිපර් රථ හිමිකරුවන්ට, මෙන්ම විවිධ ව්‍යාපාරිකයන්ට පවා ලබාදී ඇති බවත්,  ඒවා වහා අහෝසි කර තමන් අස්වැසුම් වැඩසටහනට ඇතුළත් කර ගන්නා ලෙසත් බලකරමින් විරෝධතාකරුවෝ  ප්‍රධාන මාර්ගයේ බිම වාඩි  වී පැය 5 කට වැඩි කාලයක් මෙම විරෝධතාවයේ නිරත වූහ.

මෙම විරෝධතාවය අසලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම  වැලිකන්ද  ප්‍රදේශයට යන අතරතුර වාහනයෙන් බැස විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමට   උත්සාහ කළද  එහිදී මන්ත්‍රීවරයාට විරෝධතාකරුවන්ගේ  දැඩි විරෝධය පළ විය. විරෝධතා කරුවෝ අවසානයේ දී මන්ත්‍රීවරයාට හූ කිහ.

මෙහිදී විරෝධතාකරුවෝ නොසන්සුන්කාරී ලෙස හැසිරුණහ. ජගත් සමරවික්‍රම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව උදෙසා මනම්පිටිය පොලිසිය මන්ත්‍රීවරයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලට රැගෙන යාමට කටයුතු කළහ,

එහිදී මන්ත්‍රීවරයාගේ සහ පොලිසිය පිටුපස විරෝධතාකරුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා වැදුණු අතර ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු කාර්‍යාලයේ නිලධාරීන් පැයක පමණ කාලයක් විරෝධතාකරුවන්ගේ අඩස්සියට ලක් වූහ,

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම  සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් පී, ටී, එම්, ඉර්ෆාන්   අතර සිදුවූ  සාකච්ඡාවකින් පසු විරෝධතාකරුවන්ගේ තොරතුරු සහ අභියාචනා භාරගෙන ඔවුන්ට සාධාරණයක් ඉටු කරදෙන ලෙසට ප්‍රාදේශීය ලේකම් වරයා පොරොන්දු වීමත් සමග තත්වය පාලනය විය.

ඉන් අනතුරුව ප්‍රාදේශීය ලේකම්වරයා සහ පාර්ලීමේන්තු මන්ත්‍රිවරයා  යා කාර්යාලයෙන් පිටතට පැමිණ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් විරෝධතාකරුවන් අමතා ඔවුන්ගේ ගැටලු 26 වෙනිදා රාත්‍රි දක්වා තොරතුරු ගෙන විසඳීමට කටයුතු කරන බවත්, අස්වැසුමෙන්    විරෝධතාකරුවන්ට අසාධාරණයක් සිදු වී ඇත්නම් ලබන දහවෙනිදා දක්වා අභියාචනා ඉදිරිපත් කරන ලෙසත්, ඉන් අනතුරුව සියලු අසාධාරණයට ලක්වූ අයට අවශ්‍ය සහන ලබාදීමට තමා කටයුතු කරන බවත් ජගත් සමරවික්‍රම  පොරොන්දු වූයේය.

ඒ සමඟ විරෝධතාකරුවන් විසිර ගියහ,

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතිහාසය වෙනස් කළ මොදිගේ ඇමරිකා සංචාරය!

Next Post

විසි දෙනෙකු අනතුරට ලක් කළ බිහිසුණු බස් අනතුරක්!  .

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.