බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද සිතාසි බල රහිත කරමින් අභියාචනාධිකරණය අද (26) රිට් ආඥාවක් නිකුත් කළේය.
ජූලි 09 වැනිදා අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී සොයගෙන නිසි ලෙස පොලිසිය භාරයට පත් කළ රුපියල් මිලියන 17.8කට අදාළව සාපරාධී විශ්වාසය කඩ කිරීමට ආධාර අනුබල දුන් බවට එල්ල වූ අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් විත්තිකරුවෙකු ලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජනවාරි 26 වැනිදා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සිතාසි නිකුත් කළේය.
දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් අද බල රහිත කරනු ලැබුවේ එම සිතාසි ක්‍රියාත්මක වීමය.
ජුලි 09 වැනිදා ජනාධිපති මන්දිරය තුළ විරෝධතාකරුවන් විසින් සොයා ගන්නා ලද රුපියල් මිලියන 17.8ක් මුදල සම්බන්ධව නිසි නෛතික ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීමට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු නොකළබවට ඔහුට චෝදනා එල්ල වී තිබිණි. .