නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපළින් ඊයේ (16) උදෑසන පිටත් වූ යෙටී ගුවන් සේවයට අයත් යානය අහසට නැගුණේ සංචාරක පුරවරයක් වන පෝක්රා ගුවන් කොටුපළේ සුව පහසු ගොඩබැස්වීමක් බලාපොරොත්තුවෙනි. මේ ගුවන් ගමනේ යෙදුණු 72ක් වන පිරිසෙන් වැඩි දෙනකුට තිබූ බලාපොරොත්තුව ආරක්ෂිත ගොඩ බැස්වීමක් වුවද එහි සිටි එක් සොඳුරු කතකට සිය ජීවිතයේ ලබන තවත් සුවිශේෂී කඩඉමක් ගැන දැවැන්ත බලාපොරොත්තු තිබුණාට සැකයක් නැත. ඒ මේ ගුවන් යානයේ සහය නියමුවරිය ලෙස කටයුතු කළ අංජු කතිවඩා ය.
ඇයට ගුවන් නියමුවරියක එනම් කපිකාන් වරියක වීමේ සිහිනයට ළංවීමට තව ගතවන්නට තිබුනේ තත්ත්පර 10ක් කාලයක් පමණි. ඒ සිය ගුවන් පැය ගණන පැය සියය ඉක්මවූ විට කපිතාන්වරියක ලෙස උසස් වීමේ බලාපොරෝතුව සමඟය. එහෙත් මේ ගුවන් යානයේ අවාසනාවන්තම ගමන් කරන්නා ලෙස ඇය ඒ තත්ත්පර 10 තුළ සිය බලාපොරොත්තුව ද සුන් කරගනිමින් අවසන් හුස්ම පොද වා තලයට මුසු කළාය.
ගුවන් ගමනට පෙම් බැඳි ඇයගේ ජීවිත ඉරණම මේ ගුවන තුළ කෙසේ ලියා ඇතිද යත් වසර 16කට සිය සදාදර සැමියා වූ දීපාක් පොකාරෙල් මිය යන්නේ ද යෙටී ගුවන් සේවයටම අයත් ගුවන් යානයක සිදුවූ මෙවැනිම අනතුරකිනි. ඔහු ද එම ගුවන් යානයේ සහයක නියමුවා වූ අතර 2006 වසරේ ජූනි 21 වැනිදා මගීන් හය දෙනකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනකු සමග මෙම ගුවන් යානය අනතුරකට ලක්ව එහිදී ඔහු සිය ගොස් ඇත.
ඇයට පළමු විවාහයෙන් 22 හැවිරිදි දියණියක සිටින අතර දෙවන විවාහයෙන්ද සත් අවුරුදු පුතකු සිටින දෙදරු මවකි.