දිනසේන රතුගමගේ –
ඇඟිල්ලට සිර වී තිබූ මුද්දක් ගලවා ගැනීමට තැත්කර නොහැකි වූ තැන මුද්ද පැළඳ සිටි පුද්ගලයාගේ ඇඟිල්ල කපා මුද්ද කොල්ල කෑ අපරාධකරුවෙන් දෙදෙනෙක් පිළිබද යාපනයේ පුවක්කරෙයි ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම අපරාධයට මුහුණ දී ඇත්තේ තෛපොංගල් උත්සවය නිමිත්තෙන් යාපනයේ සිය නෑදෑ නිවසකට පැමිණ සිටි
මඩකලපුවේ පදිංචි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා අල්ලා ගත් කොල්ලකරුවන් ඔහුගේ අතේ පැළඳ සිටි එක් මුදුවක් ගලවාගෙන
අනෙක් මුදුව ගලවා ගැනීමට උත්සාහ කර තිබේ.
ඇඟිල්ලට සිර වී තිබුණු මුද්ද ගලවා ගැනීමට නොහැකි වූ තැන එම පුද්ගලයාගේ ඇඟිල්ල කපා මුද්ද කොල්ල කා ඇති බව පොලිිසිය කියයි.
හොරුන් විසින් කොල්ල කෑ මුදු දෙකේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වන බවට පොලීසියට පැමිණිලි කොට තිබේ.
ඇඟිල්ල වෙන් වෙන සේ කපා තුවාලකළ පුද්ගලයා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.