අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චම්පිකත් සජබෙන් ගැලවෙයි… වෙල්ගම සමග ඉදිරි දේශපාලන ගමනකට සන්ධානයක් හදයි…

by editor
ජනවාරි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තෝරාගත් පලාත් පාලන ආයතන කීපයකට 43 සේනාංකය කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් යුතු නව ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැදීමට නියමිත බව 43 සේනාංකයේ නායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේය.

ඒ සඳහා වන එකඟතා ගිවිසුමකට අද (16) දිනයේ එළඹුන බව මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු ප්‍රකාශ කළේය.

එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු නව දේශපාලන බලවේගයක් ඔස්සේ ඉදිරි දේශපාලන කටයුතු ක්‍රියාත්මක කරන බව ද මෙම පළාත් පාලන මැතිවරණයේ දී කුමාර වෙල්ගමගේ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගතවන බව ද ප්‍රකාශ කළ පාඨලී චම්පික රණවක මෙසේ ද කීවේය.

“එළඹෙන පළාත් පාලන මැතිවරණය අපේ දැක්ම අනුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව අපේ ජනතාවට ලැබෙන අවස්ථාවක්. 2022 දී මේ රටේ ජනතාව සෘජු ක්‍රියාමාර්ග මගින් එවකට හිටපු ජනාධිපති ඇතුළු ආණ්ඩුව පලවා හරිනු ලැබුවා. ඒ පලවාහරිනු ලබන පිරිස නැවත වතාවක් පාර්ලිමේන්තුව හා නගර සභා හරහාත් තමන්ට එල්ල වූ ඒ දැවැන්ත මහජන අවමානය, මහජන පිළිකුල තිබියදීම තමන්ගේ බලය පවත්වාගෙන යාමේ උත්සාහයක ඉන්නවා. මේ ලැබෙන අවස්ථාව අපි සලකන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව අපේ රටේ ජනතාවගේ පිළිකුල, විශේෂයෙන්ම එහි නායකත්වය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ පිරිසට ජනතාවගේ විරෝධය පළ කිරීමේ අවස්ථාවක් හැටියටයි. “

අපි 43 සේනාංකය හැදුවේ දේශපාලන පක්ෂයක් හැටියට හෝ මැතිවරණය ඉලක්ක කරගෙන නෙවෙයි. නමුත් අපි ගිය වසරේ මේ රට බංකොලොත්භාවයට පත් වුණාට පස්සේ අපි තීරණය කළා අනාගතයේදී නව දේශපාලන පක්ෂයක්, දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙන්න. නමුත් අපිට කාලය ඒ සඳහා හරස් වුණා. කෙසේ නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ නව දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ මට්ටමේ පිරිස් රට පාලනය කරන්න ආණ්ඩු කරන්න හැකි පිරිස් එක්ක යන්න.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අතරේ සමාන අදහස් දරන මේ රටට මේ අවස්ථාවේ අවශ්‍යම වෙන පුළුල් සමගිය ගොඩනැගීමේ පරමාර්ථයක් හැටියට අපි නව ලංකා නිදහස් පක්ෂය එක්ක ආයතන කිහිපයක් සඳහා සන්ධාන ගත වෙනවා’

ඒ වගේම අපි අපේ 43 සේනාංකයේ හිටපු, අපිත් එක්ක සම්බන්ධතාවයේ හිටපු, පළාත් පාලන මන්ත්‍රීවරුන්ට අපි නිදහස දීලා තියෙනවා. කවර දේශපාලන පක්ෂයකින් හෝ කවර තමන්ට රුචි සංවිධානයකින් හෝ ස්වාධීනව හෝ තරඟ කරන්න කියලා. ඒ අනුව ඒ අය ඇතැම් ස්ථානවල විවිධ තැන් වලින් කටයුතු කරයි. ඒ ගැන අපේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි දේශපාලන වශයෙන් ඉදිරි කාලයේදී නව ලංකා නිදහස් පක්ෂය එක්ක සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

එහි ආරම්භක පියවර හැටියට මේ මැතිවරණයේදී පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා එතුමන්ලත් එක්ක ඒකාබද්ධව අපේ අපේක්ෂකයන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇඟිල්ලෙන් මුද්ද ගලවා ගැනීමට නොහැකි වීම නිසා හොරු දෙන්නෙක් ඇඟිල්ල කපා දමා මුද්ද කොල්ල කාලා….

Next Post

ඉන්දියාව සහ ඇමරිකාව ද්වීපාර්ශවීය වෙළෙදාම වර්ධනය කිරීමට අවධානය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.