ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය තිරසාර සැපයුම් දාමයන් ගොඩනැගීමට සහ ද්විපාර්ශ්වික වෙළඳාම ඉහළ නැංවීම සඳහා නව ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවා ඇති බවට දෙරටේ රජයන් ඉකුත්දා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සඳහන් කර තිබිණි.
ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ පැවති වෙළඳ ප්‍රතිපත්ති සංසද රැස්වීමකින් පසුව නිකුත් කරන ලද මෙම ප්‍රකාශයට අනුව, ක්‍රියාකාරී කණ්ඩායම මුලින් අවධානය යොමු කිරීමට අපෙක්ෂා කරනුයේ වෙළඳ පහසුකම් සැපයීම, රේගු ක්‍රියා පටිපාටි ඩිජිටල්කරණය, තිරසාර මූල්‍ය හා සම්බන්ධ ගැටළු සහ නව්‍ය තාක්‍ෂණයන් සිදු කිරීම කෙරෙහි ය.
ඉන්දියාවේ වෙළඳ අමාත්‍ය, පියුෂ් ගෝයල් සහ එක්සත් ජනපද වෙළඳ නියෝජිත කැතරින් තායිගේ සම-ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී, වීසා ගැටළු සමීපව අධීක්ෂණය කිරීම සහ 2023 දී ආහාර සහ කෘෂිකාර්මික වෙළඳ ගැටළු පිළිබඳ සංවාදය වැඩි කිරීමට රාජ්‍යන් දෙක එකඟ විය.
විශාල වෙළඳපල ප්‍රවේශය සහ ව්‍යාපාර කිරීමේ පහසුව කෙරෙහි අවධානය යොමු කරමින් කුඩා ගනුදෙනුවලට වඩා වෙළඳාම සහ ආයෝජන සඳහා විශාල ද්විපාර්ශ්වික අඩිපාරවල් දෙස දෙරට බලා සිටින බව අමාත්‍ය ගෝයල් පැවසීය. එක්සත් ජනපද සමාගම් ද ඉන්දියාවේ වැඩි ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
“එක්සත් ජනපද සමාගම්වලට අභිලාෂකාමී සැලසුම් ඇති අතර විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කිරීමට සහ ඉන්දියාවට තාක්‍ෂණය ගෙන ඒමට බලාපොරොත්තු වේ,” ගොයල් බ්‍රහස්පතින්දා නිකුත් කළ ප්‍රකාශයක සඳහන් කලේය.
මේ වන විට චීනයේ පැවති ඇමරිකානු සමාගම් වල නිෂ්පාදන කටයුතු බහුතරයක් ඉන්දියාව තුල සිදුවන අතර එහිදී ඇපල් සමාගම සිය නිෂ්පාදය කටයුතු ඉන්දියාව වෙත විතැන් කිරීම විශේෂයෙන් පෙන්වා දිය හැකිය.