විසිවන සංශෝධනය සම්බන්ධව විවාදය ලබන 21 සහ 22 වන දිනවල දී පැවැත්වීමට අද (16) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
මෙම විවාදය පෙරවරු 10 සිට සවස 7.30 පමණ වන තෙක් පැවැත්විය යුතු බව එහිදී තීරණය කෙරිණි.
විසිවෙනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ පෙත්සම් 37ක් පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මේ වන විට ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට යොමුකර තිබේ.
විසිවන සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය ද එසේත් නැතිනම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් සම්මත කරගත හැකිද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබන විසි වෙනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ප්‍රකාශයට පත්කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.
පුරා දින දෙකක් තිස්සේ 20 සම්බන්ධව පැවැත්වෙන විවාදයෙන් අනතුරුව ඊට සංශෝධන ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇත.
මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව ලබන සතියේ පාර්ලිමේන්තුව පැවැත්වෙන දින හතරෙහි රැස්වීමට තීරණය කර තිබේ.