බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව පත්කිරීමට කැප වූ මුල් පෙළේ හිමිවරුන්ගෙන් 20 ට දැඩි විරෝධයක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

හදල තිබෙන්නේ ව්‍යවස්ථා ගැන අවම දැනුමක්වත් නැති අය බව පේනවා

ජාතික බලවේග සහ ජනතා අපේක්ෂාවලට පටහැණියි

වර්තමාන රජය බලයට පත් කිරීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කළ බෞද්ධ භික්ෂූන් වහහන්සේලා අතර පෙරමුණේ සිටි භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ආණ්ඩුව විසින් කෙටුම්පත් කරන ලද ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවේ 20 වැනි සංශොධනයට දැඩි සේ විරෝධය පළ කරමින් අද (16) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දීර්ඝ ලිපියක් යොමු කොට තිබේ. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, මුරුත්තෙට්ටුවේ ආනන්ද , බෙංගමුවේ නාලක, පූජ්‍ය මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන , පූජ්‍ය මල්වානේ චන්දරතන, පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති යන ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුකුව ජපනාධිපතිවරයා වෙත යවන ලද මෙම ලිපියෙන් උන්වහන්සේලා පෙන්වා දී ඇත්තේ 20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධන කෙටුම්පත සකසා තිබෙන්නේ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය පසුපස සිටි ජාතික බලවේග හා ජනතා අපේක්ෂාවන් සම්පූර්ණයෙන් ම නොසලකා හරිමින් බවය. ව්‍යවස්ථා කෙටුම්පක් සකස් කිරීම සම්බන්ධ අවම දැනුමක් වත් නොමැත්තෙකු ගේ කතෘත්වයක් පෙන්වන මෙම කෙටුම්පත දැනටමත් ජනතාවගේ අප්‍රසාදයට ලක් ව ඇති බැවින් එම කෙටුම්පතේ ඇතුළත් කර තිබෙන සංශෝධන කෙරෙහි මෙම ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබේ. එම සම්පූර්ණ ලිපිය මෙසේ වෙයි.

ශ්‍රී ලංකා ජනරජයේ ජනාධ්පත් අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකමි කාර්යාලය,
කොළඹ.
2020-10-15

අතිගරු ජනාධිපතිතුමනි,

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ශ්‍රී ලංකාවේ ජනතාව ඔබ තුමාගෙන් අපේක්ෂා කරන ලද්දේ බුද්ධ ශාසනය, ජාතික උරුමය, සිංහල ජාතිය, හෙළ සංකෘතිය හා දේශිය සම්පත් ඇතුළු සමස්ත රටත්, ජනතා පරමාධිපත්‍යයත් ආරක්ෂා කර ගනිමින් රටත් ජනතාවත් සෞභාගය වෙත ගෙන යන ගමනට නායකත්වය ලබා දීම යි. එකී අපේක්ෂාව ඇතිව භික්ෂුන් වහන්සේලා පෙරටුකොට ගත් ජාතික සංවිධාන විසින් දේශප්‍රේමී ජනතාව ඔබතුමා වටා එක් සේසත් කරවීය. ඔබතුමාගේත්, ඔබ තුමාගේ නායකත්වය පිළිගන්නා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආණ්ඩුවේත් ජයග්‍රහණයට වගකිව යුතු සැබෑ බලවේගය වූයේ එකී ජාතික සංවිධාන විසින් ජනගත කර බල ගන්වන ලද දේශප්‍රේමී ජාතික චින්තනය ය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලබන්නේ ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීමේ අරමුණින් බව කියවේ. ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රයණයක් තුල ක්‍රියාත්මක වන ශක්තිමත් රාජ්‍යයක් ස්ථාපිත කිරිමේ ව්‍යවස්ථාවක් ජනතාවගේ සැබෑ බලාපොරොත්තුව යි. එහෙත් 20න් බිහි කරනුයේ අත්තනෝමතික ලෙස විධායකය මෙහෙයවිය හැකි වූත්, ව්‍යවස්ථාදායකය හා අධිකරණය තම අණසකට යටත් කරන්නට තරම් බලයක් සහිත ජනාධිපතිවරයෙකු හා දුබල අමාත්‍ය මණ්ඩලයකි. ජනතාවගේ ආදරය දිනාගත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ බලය හා ස්වරත්වය හීන කරවන 20 මගින් අමාත්‍යවරුන්ව හා අමාත්‍ය බලතල තම අභිමතිය අනුව ඕනෑම වෙලාවක වෙනස් කිරිමට ජනාධිපතිට බලය ලැබේ. 30කට සීමා කර තිබූ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව සම්බන්ධ සීමාව ඉවත් කිරීමේ යටි අරමුණු ද තිබිය හැකි ය. ජනාධිපතිවරයා වෙත ව්‍යවස්ථාවෙන් පවරා දී ඇති වගකීම් රාශියක් ඉවත් කර ඇති අතර ජනාධිපති ධුරය දරන්නා විසින් කරනු ලබන ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් අධිකරණය හමුවේ අභියෝග කිරිමේ අයිතිය ද ජනතාවට අහිමි කර තිබේ. සමස්තයක් ලෙස 20න් නීතියේ පාලනයක් නොමැති අස්ථාවර රාජ්‍ය යාන්ත්‍රණයක් බිහි වීමට බොහෝ ඉඩකඩ පවති.

20 සකසා තිබෙන්නේ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය පසුපස සිටි ජාතික බලවේග හා ජනතා අපේක්ෂාවන් සම්පූර්ණයෙන් ම නොසලකා හරිමිනි. ව්‍යවස්ථා කෙටුම්පක් සකස් කිරීම සම්බන්ධ අවම දැනුමක් වත් නොමැත්තෙකු ගේ කතෘත්වයක් පෙන්වන මෙම කෙටුම්පත දැනටමත් ජනතාවගේ අප්‍රසාදයට ලක් ව තිබේ. එය දේශපාලන මෙන් ම සමාජමය අර්බූධයක ඇරඹුමකි. ඔබතුමාත්, ආණ්ඩුවත් කෙරෙහි ජනතාව තබා ඇති විශ්ාවසය පළුදු කිරීමේ කුට අරමුණින් යුතුව රටත් ජාතියත් පාවා දීමට ක්‍රියා කරන කුමන්ත්‍රණකරුවන් ගේ අදිසි හස්තයක් මෙම ක්‍රියාදාමය පිටුපස තිබේ දැයි ද සැක මතු වේ.

එබැවින් ජනතාවගේ අපේක්ෂාවන් යටපත් වන අයුරින් එම කෙටුම්පතේ ඇතුලත් කර තිබෙන පහත සංශෝධනයන් කෙරෙහි කෙරෙහි අපි ඔබතුමාගේ අවධානයට යොමු කර සිටිමු. එනම්

(අ) හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒම සඳහා ප්‍රතිපාදන හඳුන්වා දීම

රටට ජාතියට වින කරන පනත් කෙටුම්පත් රාශියක් යහ පාලන ආණ්ඩු සමයේ දී ගෙන එනු ලැබූ විට ඒවා පරාජය කරන්නට හැකි වූයේ භික්ෂුන් වහන්සේ ඇතුලු දේශප්‍රේමී පුරවැසියන් විසින් ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝග කළ හෙයිනි. එය ජනතාවට ඇති අයිතියකි. හදිසි පනත් ගෙන එනු ලබන ක්‍රියාවලියේ දී එම අයිතිය ජනතාවට අහිමි වෙයි. එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ය. 1987 දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතා කැමැත්තට එරෙහිව බලහත්කාරයෙන් ගෙන ආ පරිද්දෙන් ම අනාගතයේ දී එම්.සී.සී වැනි රට පාවාදෙන නීති හදිසි පනත් ලෙස පැනවිය හැකි ය. එවැන්නක් සඳහා ඉඩකඩ විවර වීම මෙම ආණ්ඩුවෙන් හෝ ඔබතුමාගෙන් කිසිසේත් ම අපේක්ෂා නො කෙරිනි.

(ආ) අමාත්‍ය මණ්ඩලය, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා කැබිනට් නොවන ඇමතිවරුන් හා ඔවුන්ගේ ලේකම්වරුන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන උපලේඛණයේ සඳහන් දේශය තුල වෙනම රාජ්‍යයක් ඇති නොකරන බවට පොරොන්දු වෙමින් ලබා දිය යුතු ප්‍රතිඥාව ව්‍යවස්ථාවේ 53 වගන්තියෙන් ඉවත් කිරීම

ජාතික ආරක්ෂාවටත්, ඒකීය රාජ්‍යයටත් සෘජු තර්ජනයක් වන මෙම සංශේධනත් ඒ සමගම පැන නැගුණු ජනතා විරෝධය මැඩලීමට විෂයභාර අමාත්‍යවරයා විසින් ගන්නා ලද උත්සාහයත් අපි දැඩිව හෙලා දකිමු. අවසානයේ දී එය හුදෙක් අතපසු වීමක් යැයි පවසා සිටීම ද තවත් භයානක කරුණකි. ඊට හේතුව වන්නේ මෙම ව්‍යවස්ථා කෙටුම්පත කොතරම් නොසැළකිළිමත් බවකින් යුතුව සකසා තිබෙන්නේ දැයි එමගින් තහවුරු වන හෙයිනි.

(ඇ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වීම සඳහා පනවා ඇති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ බාධකය ඉවත් කිරීම

ද්විත්ව පුරවැසියෝ සැම විටම රටවල් දෙකකට පක්ෂපාතී වෙති. යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ දී අප ලැබු අත්දැකීම වන්නේ ශ්‍රී ලංකාවේ භූමිය හා සම්පත් කොල්ලකෑමේ හා රාජ්‍ය ආරක්ෂාව දුර්වල කිරීමේ ප්‍රයත්න ගණනාවක් ජාත්‍යන්තර බලවතුන් විසින් ක්‍රියාත්මක කිරීම යි. එම උපක්‍රම අතර ඔවුන්ට හිතැති නීති සම්පාදනය කිරීමෙි උත්සාහයන් ද කැපී පෙනුනි. බලවත් විදේශ රටවලට පක්ෂපාතී වන හා විදේශ රටවල දරු පවුල් පුරවැසිභාවය ලබා රැඳී සිටින තැනැත්තන් අපගේ නීති සම්පාදකයින් කිරීමේ භයානකකම එයයි. ඔවුන් අප රටට හිතවත්ව හා පක්ෂපාතීත්වයෙන් යුතුව කටයුතු කරතැයි සහතික විය නොහැකිය. එබැවින් පාර්ලිමේන්තු මන්ත්‍රිධූරයක් පමණක් නොව රජයේ ඕනෑම උසස් තනතුරක් දැරීම ද්විත්ව පුරවැසියන්ට තහනම් කළ යුතු ය. එසේ තිබිය දී ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීධුර දැරීමට ඇති තහනම ඉවත් කිරීම රාජ්‍ය ආරක්ෂාවට ද ජනතා පරමාධිපත්‍ය බලයට ද තර්ජනයකි.

(ඈ) විගණකාධිපතිවරයාගේ විෂය පථයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය හා රජය විසින් සියයට 50ක් කොටස් දරන සමාගම් ඉවත් කිරීම

ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැනි රජය විසින් කොටස් දරණ සමාගමි සියයකට අධික සංක්‍යාවක් පවති. මේවායින් බොහෝමයක් ම රටේ සම්පත් පරිහරණය කිරීම පිළිබඳව සෘජු ලෙස බලපෑම් කළ හැකි ඒවාය. එම සමාගම් වල ආයෝජනය කර තිබෙන්නේ ජනතාවගේ මුදල් ය. මෙම ආයතන විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීමේ සෘජු ප්‍රතිථලය වන්නේ දූෂණයට රුකුල් දීමකි. එනම් ජනතාවගේ මුදල් අවභාවිතයට පාර කැපීමකි. ජනාධිපතිගේ හා අගමැතිගේ ලේකම් කාර්යාලත් විගණකාධිපතිවරයාගේ පථයෙන් ඉවත් කිරීමේ ප්‍රතිථලය ද අල්ලස් හෝ දූෂණ විමර්ශණය කිරිම සඳහා වූ කොමිෂම, ජාතික ප්‍රසම්පාදන කොමිෂම, විගණන සේවා කොමිෂම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමෙි ප්‍රතිථලය ද වන්නේ දූෂණයට රුකුල් දීමක් වේ. ඔබතුමාගෙන් අප බලාපොරොත්තු වූයේ දූෂණයට ඇති ඉඩකඩ අවහිර කිරිම මිස ඒවාට තව තවත් ඉඩ ලබා දීම නොවේ.

(ඉ) ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින්ව පත් කිරිමේ අභිමතානුසාරි බලයක් ජනාධිපති වෙත ලබා දීම.

මෙවැනි අසීමිත බලතල මගින් අධිකරණයේ ස්වාධීනත්වය බලවත් අනතුරකට ලක් වේ. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක සිදුවිය යුත්තේ ජනාධිපතිට ඇති මෙවැනි බලතල පාර්ලිමේන්තුවේ හෝ පාර්ලිමේන්තු සභාවේ අනුමැතියට යටත් කිරීමයි. එවැනි සැබෑ සංවරණ හා තුලන ක්‍රමවේදයන් රාජ්‍ය යාන්ත්‍රණය තුල ක්‍රියාත්මක විය යුතු ය.

(ඊ) මැතිවරණ කොමිෂන් සභාව විසින් හා නීතිය මගින් පනවන විධිවිධාන උල්ලංඝණය කරන තැනැත්තන්ට එරෙහි ව අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමට ඇති හැකියාව ඉවත් කිරීම.

මැතිවරණ කොමිෂන් සභාව විසින් හා නීතිය මගින් පනවන විධිවිධාන වලට පටහැනිව ක්‍රියා කරන තැනැත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට හැකි වගන්තිය ඉවත් කිරීමේ සෘජු ප්‍රතිථලය වන්නේ මැතිවරණ නීති කඩකරන්නන් හට ඒ සඳහා අවස්ථාව ලබාදීමය. මෙය දූෂිත මැතිවරණ ක්‍රමයකට රුකුල් දෙන සංශෝධනයකි. මෙවැනි සංශෝධන අපි දැඩිව හෙලා දකිමු.

(උ) ඇමතිවරුන්ගේ ගණන 30කට සීමා කිරීමෙි වගන්ති ඉවත් කිරීම

අමාත්‍යවරුන් ගේ සංඛ්‍යාව 30කටත් කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40කටත් සීමා කිරිමේ වගන්තියක් පනවා තිබෙන්නේ වසර ගණනාවක් තිස්සේ ජනතාව විසින් ඒ සඳහා කරනු ලැබූ දැඩි බලකිරීම් වල ප්‍රතිථලයක් ලෙස වේ. අසීමිත අමාත්‍යවරුන් සංඛාවක් පත් කිරිමට තිබෙන අවකාශය ප්‍රයෝජනයට ගෙන සුලු අන්තවාදී පක්ෂ වලට බහුතර ජනතාවගේ ඡන්දයෙන් පත්කරන ආණ්ඩු සමග කේවල් කිරීම සඳහා අවස්ථාව ලැබේ. මෙහි අනිසි විපාකය වන්නේ බහුතර කැමැත්ත යටපත් කරමින් අන්තවාදී පක්ෂවලට ආණ්ඩුව මෙහෙයවීමේ අයිතිය ලැබීමයි. රිෂාඞ් බදුර්දීන් හිටපු අමාත්‍යතුමා වැනි අන්තවාදීන් මේ වන විට ආණ්ඩුවත් සමග සමීපව කටයුතු කිරිමට පටන්ගෙන තිබෙන්නේ අනාගතයේ දී මෙවැනි සංශෝධන වල වාසිය ලබා ගැනීමේ යටි අරමුණ ඇතිව දැයි සැක පහළ වී තිබේ. එසේ ම අසීමිත අමාත්‍යවරුන් සංඛ්‍යාවක් සිටීම හුදෙක් මුදල් නාස්තියක් පමණක් නොව විධායක යාන්ත්‍රණය අවුල් සහගත තත්වයකට පත් කරන සාධකයක් බව ජනතාව හොඳින් ම දනිති.

මෙම ආණ්ඩුව පත් වීමේ දී ජනතාවට දුන් පොරොන්දුව වූයේ අලුත් ව්‍යවස්ථාවකි. ජනතාවගේ අපේක්ෂාව වූයේ ද එයයි. ව්‍යවස්ථාවට අවිධිමත් ලෙස සංශෝධන කිරිමේ ආදීනව ජනතාව විසින් අත්දැක තිබේ. කුමන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක දී වුව ද දැනට රට මුහුන පා සිටින සැබෑ අර්බුධ වලට විසඳුම් ලබා දීමට පියවර ගත යුතුය. ඒ වා අතර ජාත්‍යන්තර සම්මුතීන් හා ගිවිසුම් අනිවාර්යයෙන් ම පාර්ලිමෙන්තුවේ අනුමැතියට යටත් ව අත්සන් කිරිම සහතික කරන වගන්ති ද, නිශ්චිත ලෙස ජාතික ප්‍රතිපත්ති හා සැළසුම් සකස් කර නීතිගත කිරිම අනිවාර්ය කරන වගන්ති ද, උතුරු හා නැගෙනහිර ඒකාබද්ඛ කිරිමට පහසුවන පරිදි හා සමස්ත රටට ම නීති පැනවීම සඳහා පාර්ලිමේන්තුවට බාධා ගෙන එමින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දි තිබෙන ප්‍රතිපාදන ඉවත් කෙරෙන වගන්ති ද, දේශීය සම්පත් හා භූමිය විදේශකයින්ට විකිණීම තහනම් කරන වගන්ති ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අභිනවයෙන් ඇතුලත් කල යුතු බව අවධාරණය කර සිටිමු

මේ වන විටත් රට තුල ආන්දෝලනයට ලක් ව තිබෙන 20 වැනි සංශෝධනය ඉදිරිපත් කර තිබෙන ආකාරයෙන් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු ව ඇත. එසේ තිබිය දීත් එම සංශෝධනය සම්මත කරන්නට කටයුතු කරන්නේ නම් අවම වශයෙන් මෙහි සඳහන් කර තිබෙන සංශෝධන සිදු කරන මෙන් ඔබ තුමන්ව බලයට පත් කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කල භික්ෂුන් වහන්සේ, ජාතික සංවිධාන ඇතුලු දේශප්‍රේමී ජනතාව නියෝජනය කරමින් අපි ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මේ වගට,

නම

01 පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

02 පුජ්‍ය මුරැත්තෙට්ටුවේ ආනන්ද හිමි

03 පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

04 පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි

06 පූජ්‍ය මල්වානේ චන්දරතන හිමි

07 පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි

විමසීම් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි 0773 877898 – 0112 691865

Tags: නවතම
Share69Tweet43
Previous Post

20 ගැන විවාදය ලබන 21 සහ 22 වන දිනවල දී

Next Post

මදුරන්කුලිය ජනතාව ජනපතිගෙන් කළ ඉල්ලීම් ඵල දරයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.