අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මදුරන්කුලිය ජනතාව ජනපතිගෙන් කළ ඉල්ලීම් ඵල දරයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයීය ක්‍රීඩාපිටිය, ජීවනගම – කජුවත්ත මාර්ගය සහ කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය – මහකුඹුක්කඩවල හරහා ආඬිගම දක්වා කොටසේ සංවර්ධන වැඩ අවසන් අදියරට පැමිණ තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයට ගිය අවස්ථාවේදී සිසුන් කළ ඉල්ලීම යුද හමුදා ඉංජිනේරු බලකාය වෙත යොමු කරනු ලැබීය. එතැන් සිට දින 18ක් වැනි කෙටි කාලයකදි ක්‍රිඩාපිටියේ ඉදිකිරීම්වලින් 90%ක පමණ වැඩ අවසන් කර තිබේ.

වර්ෂා ජලයට යටවීමෙන් ක්‍රිඩාංගණය සේදී යමින් තිබිණ. පස් කියුබ් 2200ක් අතුරා එය ගොඩ කර, විධිමත් කාණු පද්ධතියක් සහිතව සංවර්ධනය කෙරේ. ක්‍රීඩාංගණයේ අනාරක්ෂිත ගොඩනැගිල්ල ඉවත් කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. දැනටමත් ගොඩනැගිල්ල කඩා ඉවත් කර තිබෙන අතර, නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

ප්‍රදේශයේ ජනතාව ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව ජීවනගම – කජුවත්ත දක්වා මාර්ගයේ කි.මි 4.6ක් වු කොටස කාපට් අතුරා සංවර්ධනය කෙරෙමින් පවතී.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ඊට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 100කි. මදුරන්කුලිය – තොඩුවාව සහ කල්පිටිය – පුත්තලම මාර්ග යා කෙරෙන මාර්ගය අබලන් වීම නිසා දීර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ ජනතාව ගැටළු රැසකට මුහුණ දුන්හ. කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානය වෙත පැමිණෙන සංචාරකයින්ට ද කෙටි මාර්ගයක් ලෙස මේ මාර්ගය භාවිත කළ හැක.

කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය මහකුඹුක්කඩවල හරහා ආඬිගම දක්වා මාර්ගය අබලන්වී තිබීම ගැන ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළහ.

ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව එහි ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කෙරුණු අතර කි.මි 9.7ක මාර්ග කොටස කාපට් අතුරා සංවර්ධනය කෙරෙමින් පවතී.

අධික වර්ෂා කාලයට මාර්ගයේ ඇතැම් ස්ථාන ජලයෙන් යට වේ. එය මීටර් 05 ක් පළලට සංවර්ධනය කෙරෙන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 250කි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව පත්කිරීමට කැප වූ මුල් පෙළේ හිමිවරුන්ගෙන් 20 ට දැඩි විරෝධයක්

Next Post

රටේම බාර් වහන්න… රජයේ වෛද්‍ය නිලධාරීනගේ සංගමය රජයට කියයි…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.