පසුගියදා පීඨාධිපති ධුරයෙන් සහ මහාචාර්ය ධුරයෙන් ඉවත් කෙරුණු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සෞම්‍ය ලියනගේට යම් අසාධාරණයක් වි ඇත්නම් ඒ ගැන සොයා බලා සාධාරණයක් ඉටු කිරීමට සූදානම් බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් අද ( 08) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු මේ බව පැවසුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරන විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනිග එහිදී අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් මැදිහත්වී අදාළ සියලු සාධක සොයා බලන බවය. එහිදී සෞම්‍ය ලියනගේට අසාධාරණයක්වී ඇත්නම් එය නිවැරදි කිරීමට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළේය.
සෞම්‍ය ලියනගේට අදාල ප්රශ්නය පිටුපස අභ්‍යන්තර දේශපාලන ක්‍රියාවලියක් ඇතැයි කී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මේ පිළිබඳව සාකච්ඡා කර විසඳුම් ලබා දිය යුතුව ඇතැයදි කීය.