වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණක් වාර්තා වූ ඊයේ (29) දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.
ඒ මරණ 06න් 05 දෙනෙක්ම කාන්තාවන්ය. බොරලැස්ගමුවේ 49 හැවිරිදි කාන්තාවක්, මහනුවර 85 හැවිදි කාන්තාවක්, වත්තල 37 හැවිරිදි කාන්තාවක්, වැලිමඩ 72හැවිරිදි කාන්තාවක්, කළුතර උතුර 77 හැවිරිදි පුරුෂයෙක්, නාවලපිටියේ 61 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබුණහ.
මේ වනවිට ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 667කි.