(වීඩියෝ සහිතයි) – කුවේට් හි පැතිරෙන නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසයට ශ්රි ලාංකිකයන් 400ක් පමණ ගොදුරු වී ඇති බවත්, එරට රජයේ රෝහල්වලින් විදේශිකයන්ව ඇතුළත් කර ගැනීම ප්රතික්ෂේප කරන පසුබිමක් තුළ මෙම රෝගීන් දැඩි අසරණ බවට පත්ව තමන් සිටින ස්ථානවලම ප්රතිකාර රහිතව රැඳී පැරසිටමෝල් පමණක් භාවිත කරමින් කල් ගෙවන බව බවත් වාර්තා වේ. මෙලෙස සිටි කොරෝනා ආසාදනය වූ කාන්තාවක් සහ තරුණයකු සිය දිවි නසා ගෙන ඇති බවත් ඊයේ (28) හවාලි නගරයේ සිට වීඩියෝවක් මුදා හල ශ්රි ලාංකික තරුණයෙක් ප්රකාශ කළේය.