fbpx
  • සිංහල
    • සිංහල
    • English
සඳුදා, ජනවාරි 18, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    Auto Draft

    අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06යි… ආසාදිතයන් ගණන 627යි…

    ආණ්ඩුව වැරදි පාරට හරවන්නේ කවුදැයි  මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති

    ඇමතිනි පවිත්‍රා සහ සෞඛ්‍ය ලේකම් රූකඩ විතරයි – අමාත්‍යංශය හසුරුවන්නේ GMOA මාෆියාවයි

    අවදානම එසේමයි… අතිදක්ෂයින් කරන සිහිනයෙන් දරුවන් උපකාරක පන්ති නොයවන්න…

    අවදානම එසේමයි… අතිදක්ෂයින් කරන සිහිනයෙන් දරුවන් උපකාරක පන්ති නොයවන්න…

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ 08කට කොවිඩ්… අමාත්‍යාංශයේ අංශ 3ක් වැසේ….

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ 08කට කොවිඩ්… අමාත්‍යාංශයේ අංශ 3ක් වැසේ….

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලංකාවට ගෙනෙන කොවිඩ් එන්නත ගැන තවම සෞඛ්‍ය අංශ  තීරණයක් ගෙන නෑ…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    පාළාත්සභා ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ නවසීලන්තයේ මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග ලොව ලොකුම කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

අලි වැට කුඩු කරන සද්දන්තයන් මන්තර බලෙන් මෙල්ල කරන  වෙදමහත්තයා…

editor by editor
දෙසැම්බර් 18, 2020
in පුවත්
435 5
අලි වැට කුඩු කරන සද්දන්තයන් මන්තර බලෙන් මෙල්ල කරන  වෙදමහත්තයා…
Share on FacebookShare on Twitter

  • මේ කෙම් ක්‍රම, ශාන්තිකර්ම අපේ සංස්කෘතික උරුම… දැන් ඒවා මියෑදිලා ගිහින්…

  • මන්තරයක් කට පාඩම් කර ගත්තට අලි එලවන්න බෑ… ඒක භාෂා වික්‍රමයක්…

  • ස්වයං විශ්වාසයක් ආත්ම ශක්තියක් ඇති වෙන්න ඕන… එය පුහුණු කළ යුතු තත්වයක්…

පසු ගිය මාස් කන්නයේ අපේ ප්‍රදේශයේ වෙල්‍ යායේ අක්කර ගණනාවක් වල් අලි හානි කලා.  කෘතිම උපක්‍රම කොතෙක් පාවිච්චි කලත් ඒ හැම එකක්ම අසාර්ථක වුනා. ඒ අතරෙ තමයි රෑ 9.30ට විතර මට කෝල් එකක් ආවෙ. කුඹුරු අයිතිකරුවන් ගෙ අවසාන උත්සාහය වුනේ මා ලවා අලි පන්නා දැමීම. මං ඊට ඉදිරිපත් වුනා. එදා වෙල් යායෙ අලි 25ක් 30ක් හිටියා. මම ඔවුන් ඉස්සරහට ගිහින් මන්තර ජප කරල අතට පිඹලා   වේගයෙන් අත් පුඩි ගැසුවා. ඒ අත් පුඩි ත් සමඟ විසිරෙන ශබ්ද තරංගවලට යම් ශක්තියක් මුසු වෙනවා. එතකොට අලි ආපහු හැරෙනවා. එදා එතැන කුඩා අලි පැටවෙක් හිටියා. අලි රංචුව  ඒ අලි පැටවත් අමතක කරලයි ආපහු හැරුනේ…..”  යනුවෙන් lankasara සමඟ පැවසුවේ මන්තර ජප කරමින් වල් අලි එලවා දැමීමට සමත් පාරම්පරික වෙදදුරෙකුවන පී.ජී.එම්.සී.අතුල කුමාරය.

RelatedPosts

අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06යි… ආසාදිතයන් ගණන 627යි…

ඇමතිනි පවිත්‍රා සහ සෞඛ්‍ය ලේකම් රූකඩ විතරයි – අමාත්‍යංශය හසුරුවන්නේ GMOA මාෆියාවයි

අවදානම එසේමයි… අතිදක්ෂයින් කරන සිහිනයෙන් දරුවන් උපකාරක පන්ති නොයවන්න…

“අලි මිනිස් ගැටුම” වර්තමානයේ ප්‍රභල සමාජ කතිකාවක් ඇති කළ මාතෘකාවකි. එම ගැටුම සමතයකට පත්වන දිනය  සිතාගැන්මට පවා අසීරුය. එවන් වාතාවරණය ක් තුළ මන්තර කියා අලි පන්නන මේ  අපූරු මිනිසා සොයා යන්නට lankasara අපි තීරණය කලෙමු.

පී.ජී.එම්.සී.අතුල කුමාර

අලි මන්තර

“අපේ  පැරණි මුතුන් මිත්තෝ තම තමන්ගෙ වගා භූමි ආරක්ෂා කර ගැනීම සඳහා නිරන්තරයෙන් අපේ සංස්කෘතික උරුමයක් වුන යාතු කර්ම විශේෂයක් භාවිතා කළා. අලින්ම විතරක් නෙමෙයි.  වලසුන්, කොටින්, කුළුහරක්, සර්පයින්, නයි පොළොන්ගු පලවා හරින්න මේ යාතු කර්ම භාවිතා කරල තියෙනවා.  ඒ අතරින් අලියන් එලවා දැමීමට “අලි මන්තර” භාවිතා කළා.

“අලි මන්තර විවිධ භාෂාවලින් භාවිතා වෙලා තියෙනවා . මලයාලි මන්තර, කුල්ලු මන්තර , වයිනඩි මන්තර, පාලි භාෂාවෙන් භාවිතා කරන බුද්ධ මන්තර ආදී වශයෙන්  විවිධ කොටස්වලට බෙදන්න පුලුවන්“

ඔහු පැවසුවේ අලි මන්තර යනු කුමක්දැයි අපට තේරුම් කර දීම සඳහාය…

අලි මන්තර භාවිතා කරන්නේ මෛත්‍රීය පෙරදැරි කරගෙනද .  නැතිනම් එයට අරමුණු වන්නේ කුමක්දැයි  අපට ඇතිවූ  ගැටලුව විසඳා ගැනීමට සිදු වූ අවස්තාවක ඔහු සෘජු පිළිතුර ක් දුන්නේ එය අපූරු ලෙස පැහැදිලි කරමිනි

භාෂා වික්‍රමය

“නැහැ අලි මන්තර කිසිසේත්ම මෛත්‍රීය පෙරදැරිව සිදුවන්නක් නොවේ. මන්තර ජප කිරීම තුළ තියෙන්නෙ භාෂාමය වික්‍රමයක්. සිංහල භාෂාවේ තිබෙන ස්වර හා ව්‍යංජන උච්චාරණය සඳහා  භාවිතා කරන ලඝු ගුරු ස්වර සූක්ෂම ලෙස වෙන් කරලා  පංච මහා භූත ශක්තීන්ට වෙන්කරපු අක්ෂර, ඒ කියන්නෙ තේජෝ අක්ෂර, ආකාශ අක්ෂර ආකාර ආදී වශයෙන් ගත් විට තේරුමක් නැති වුනත් ගුප්ත විද්‍යාවට අනුව ශබ්ද ශක්තීන් උපදිනවා.

සමහර වචනවල නිශ්චිත තේරුමක් හොයන්න බැහැ. ක්‍රාම්… ක්‍රීම්… ග්‍රීන් වැනි ශබ්දවල  තේරුම හරියටම විශ්ලේෂණය කරල බැලුවොත් ඇත්තටම ඒ වචනවලට කිසිම තේරුමක් නෑ . නමුත් ඒ වචන උච්චාරණය කරන ක්‍රමය අනුව ඒ තුළින් යම් ශක්තියක් උපදිනවා. ඒ ශබ්ද ධ්වනියත් එක්ක අලින්ගෙ කනට අධි කම්පනයක් ඇති කරවනවා. වායුගෝලය හරහා ගිහින් එය කන වැකුනාම අලින්ට එය දරාගැනීමට නොහැකි ශබ්ද ඝෝෂාවක් බවට පත් වෙනවා. හිස් ලූ ලූ අත දුවනවා. ඒ උපක්‍රමය හැර මෛත්‍රීයක් නම් පෙරදැරි වෙන්නෙ නැහැ.. “ යැයි ඔහු සිනාමුසු මුහුණෙන් පැවසුවේය…..

ඔහුගේ පිළිතුර ට අනුව “අලි මන්තර කට පාඩම් කරගෙන ඕනම කෙනෙකුට අලි එලවා දමන්නට පුලුවන්දැ’යි යන ගැටලුව අපට පැන නැගුනි.

“කිසිසේත්ම බෑ. අලි මන්තර ඕනම කෙනෙකුට ජප කරන්න බෑ.  ඒකට විවිධ හේතු තියෙනවා . මන්තර කට පාඩම් කර ගත්ත පමණින් ඒවා උච්චාරණ විධි හසුකර ගැනීම හැමෝටම කරන්න බැහැ. අනික මෙම ශාස්ත්‍රය ගැන කෙනෙක් තුළ තියෙන විශ්වාසය ඉතාම වැදගත්. ඒවගේම තමයි මේක ගුප්ත ශාස්ත්‍රයක්. ගුරු මුෂ්ටි සහිත ශාස්ත්‍රයක්. ඒක සෑම මන්තර වර්ගයකටම අදාලයි. ලැබුන පමනින් ඇසු දුටු පමණින් වැඩ ගන්න බෑ. සමහර පියවරු පවා තමන්ගෙ පුතාටවත් මේ ශාස්ත්‍රය සම්ප්‍රේක්ෂණය කරන්න මැලිවුන අවස්ථා තියෙනවා.“

“මේ මන්තර ශාස්ත්‍රය ට අවතීර්ණ වන කෙනෙක් ඉතාම ඉවසිලිවන්තයෙක් විය යුතුයි. නැත්නම් තමාටම ඒ තුළින් හානි පැමිනෙන්න පුලුවන් . අධික විශ්වාසය මත මේ මන්තරවල තියෙන සත්‍යතාව තමන්ටම දැනෙන්න පටන් ගන්නවා. ඒ සවයං විශ්වාසය උඩ තමයි අලි පන්නා දැමීම සිදු වන්නේ. එය හිතුමතේට කරන්න බෑ. පූර්ව සූදානම ඉතාම අවශ්‍යයයි. හිස් වැසුම්, පාවහන් පළඳින්න බෑ. මහ පොළොවට තමාගේ යටි පතුලත් ආකාශයට තමාගේ හිසත් නිරාවරණය වෙන්න ඕන. ඒවායින් වියුක්ත වුනොත් මන්තර බල හීන තාවයට පත් වෙනවා…“

අලි වැටවල් හෝ අලි පලවා හරින වෙනත් ක්‍රම නොතිබුන වකවානුවක අපේ මුතුන්මිත්තන්   අලි පලවා හරින්නට භාවිත කලේ මේ මන්තර ක්‍රමය දැ’යි අප ඇසූ පැනයට ඔහු පිළිතුරු දුන්නේ මෙසේය.

අලින් විසින් වැනසූ කුඹුරක සිට…

අතීත කෙම් ක්‍රම

“ අතීතය ගැන කියන්න නම් විස්තර ගොඩක් තියෙනවා. ඒ කාලෙ තිබුනෙ ගමයි පන්සලයි වැවයි දාගැබ යි සංකල්පය. ඒ අනුව වැව පාමුල තමයි පොල් වගා කෙරුනේ. ඒ පොල්වතුවලටත්, වෙනත් වගා භූමිවලටත් ගල් මතුරා දැමීම ඒ කාලයේ සිදුවෙලා තියෙනවා . එතකොට මුළු වගාවම සතුරු උවදුරුවලින් ආරක්ෂා වෙනවා. ගල් මතුරා සීමාවට දැමීම, යන්ත්‍ර ගස්වල බැඳ සීමා ලකුණු කිරීම..,කොල අතු මතුරල සතර කොනේ එල්ලීම වගේ දේවල් ඒ කාලෙ සිද්ධ වුනා…

තවත් විශේෂ ක්‍රමය ක් තිබුනා…මන්තර ජප කරලා යමකාල සිංහ කර්ණය කියන නැකතෙන් කපා බිම හෙලන ගස් වගා බිම සතර කොන ඉදි කරනවා .ඒ ගස් කණු දිරන තුරු අලි වගා භූමිය ට එන්නේ නැහැ..”

ඒ විතරක් නෙමේ…මේ මන්තර බලයෙන් සතුන් විනාශ කිරීම වුනත් කරන්න පුලුවන් ..කෑ මොර දීල වැටෙන්න. ..හෝ අලියන් විවිධ ලෙඩ රෝගවලට පාත්‍ර කරන්න මේ මන්තර භාවිතා කරන්න පුලුවන් .නමුත් අපේ පාරම්පරික මුතුන්මිත්තෝ එවැනි මන්තර “පාඩම් නොකල යුතු මන්තර “ලෙස හදුන්වල තියෙනවා .ඒ මන්තර කට පාඩම් කරන අවස්තාවේ  කෙළ ගිලීම පවා හානිදායක බව සඳහන් වෙනවා.”හස්ති ස්ථම්භන “මන්තරයෙන් අලි හිටි ස්ථානයේ ම ගල් ගසා තබන්න පුලුවන් .”හස්ති දැපෙන”මන්තරයෙන් ගවයන් තරමට අලි හීලෑ කරගන්න පුලුවන් .

අපේ මුතුන්මිත්තෝ හස්ති ස්ථම්භන මන්තර භාවිතා කරල කැලෑ සීමාවෙ එක් ප්‍රදේශයකට අලි ගාල්  කරල තමාෆේ වගා කටයුතු සිදු කර ගත්ත ..වගාවේ අස්වැන්න නෙලනතුරු අලි ඒ ප්‍රදේශය ට එන්නෙ නැහැ..තමාගෙ සීමාවෙ ඉන්නවා .මේ සියල්ල කලේ ප්‍රසිද්ධියේ නෙමෙයි .රහසක් විදිහට ..උරුමයක් විදිහට රැක ගත්ත …

වයස අවුරුදු 45ක් වූ මේ වෙදදුරු මහතා මේ ශාස්ත්‍රය ට නැඹුරු වූ ආකාරය දැන ගැනීමේ කුතුහලයෙන් අපි නොඉවසිලිමත් වූවෙමු….

“මගේ පරම්පරාවෙ මුතුන්මිත්තෝ මේ ශාස්ත්‍රයෙ උරුම කරුවෝ..නමුත් මගෙ මුත්තා..සීයා..පියා මේ ශාස්ත්‍රය පාවිච්චි කලේ නෑ ..නමුත් දැනගෙන හිටියා.ඔවුන් ළඟ තිබුන පුස්කොළ පොත් දැක්කම මගේ කොලුකමට මට කුතුහලය ඇතිවුනා.මං ඒවා පරිශීලනය කරද්දි මගෙ තාත්තා මට අවශ්‍ය දිරිය දුන්නා ..ශබ්ද උච්චාරණය ගැන, නිවැරැදිව ..අපූරුව ට කියල දුන්නා ..කුතුහලය හා අත්හදාබැලීම් එක්ක තමයි මං මේ ගැන පරිනත භාවයට පත් වුනේ

මේ වෙදදුරා දුටු පමනින් අලි ආපසු හැරී දුවන බවට ප්‍රදේශයේ බොහෝ දෙනා පැවසූ නිසා ..අපි එතුමාගේ අත්දැකීම් පිළිබඳව විමසුවෙමු………..

අත්දැකීම් නම් කෙලවරක් නෑ ..මේ වන්නියෙ  වී අස්වනු නෙලීමෙන් පස්සෙ ඒවා දවල්ට තද අව්වෙ වේලගන්න ඕන . .නමුත් හවසට ඒවා ගොඩ අරගෙන ආපහු පහුවදා ට අව්වට දාන්න ඕන ..ඒක එහෙම කරන්න වෙන්නෙ රෑට අලි කරදර නිසා…අනික කන්නක වී වේලනවා කියන්නෙ හරිම අමාරු වැඩක්…..නමුත් මොන අලි ගම් වැදුනත් මං මගේ වී රෑට ගොඩ දාන්නෙ නෑ .හැබැයි කවදාවත් මගෙ වී ගොඩට එක අලියෙක් ලංවෙලා නෑ ….මේ ප්‍රදේශයේ හැමෝම ඒක දන්නවා ……

ආයෙත් දවසක්  ගමේ පන්සල ළඟදි රෑ 9.00ට විතර මගෙ ඉස්සරහ ට රංචුව ක් ආවා…මං මන්තර ජප කරන්න ත් කලින් අලි ආපහු හැරුනා..ඒකට හේතුව ඒගුප්ත ශාස්ත්‍රය මගේ ශරීරය ට පවා ආසක්ත වෙලා තිබීම.විශ්වාසය ,ඉවසීම,මේ සියල්ල එක්ක තමා තුළ ගොඩනැගෙන ස්වයං විශ්වාසය ඒ සඳහා බලපානවා..”

වර්තමානයේ පවතින අලි මිනිස් ගැටුම සමනය කිරීම  වෙනුවෙන් මෙම ක්‍රමය භාවිතයට ගත හැකි නොවේදැයි …අපි කල්පනා කලෙමු…..නමුත්..ඔහුගෙන් ලැබුනේ අපූරු පැහැදිලි කිරීමකි…..

“මේ ක්‍රමය එහෙම භාවිතයට ගන්න බැහැ.ඒක ට විශේෂ හේතු තිබෙනවා .මේ ගුප්ත ශාස්ත්‍රය භාවිතා කල යුත්තෙ රහසක් විදිහට.සඟවා ගත් උරුමයක් විදිහට ..ඒවායෙ ගුප්තමය ස්වභාවය ප්‍රචලිත නොකරන්න අපේ මුතුන්මිත්තෝ වග වලා ගත්ත.නියම විදිහට මේ ශාස්ත්‍රය භාවිතා නොකලොත් ඒකෙ අනතුර අදාළ පුද්ගලයා වෙතම ළඟා වෙනවා.ඒ විතරක් නෙමේ ..දැන් තියෙන්නෙ තාක්ෂණික ලෝකයක්…..ඒ වටපිටාව එක්ක මේ ශාස්ත්‍රය අභාවයට යබ එක වලකන්න බැහැ….අවංක උනන්දුවකින් ..උවමනාවකින් මේවට නැඹුරු වෙන අය නෑ .  සමහර විට මගෙන් පස්සෙ අපේ පරම්පරාවෙ මේ උරුමය සැඟවිලා  යාවි.

ඔහු සිනාමුසු මුහුනෙන් පැවසූ ඒ කාරණය අපට සිතන්නට බොහෝ ඉතිරි කළේය………ඒ සිතිවිල්ලෙන්ම අපි ඔහුට සමුදුන්නෙමු……

Tags: නවතමවිශේෂ
Previous Post

කරාපිටියේ රෝහලේ පිළිකා රෝගීන් 4කට කොවිඩ්.. නව ඇතුළත් කරගැනීම් නවතී…

Next Post

උතුරේ සියළුම එළවළු වෙළෙඳසැල් වසා දැමේ…

Related Posts

Auto Draft
පුවත්

අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06යි… ආසාදිතයන් ගණන 627යි…

ජනවාරි 18, 2021
ආණ්ඩුව වැරදි පාරට හරවන්නේ කවුදැයි  මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති
පුවත්

ඇමතිනි පවිත්‍රා සහ සෞඛ්‍ය ලේකම් රූකඩ විතරයි – අමාත්‍යංශය හසුරුවන්නේ GMOA මාෆියාවයි

ජනවාරි 18, 2021
අවදානම එසේමයි… අතිදක්ෂයින් කරන සිහිනයෙන් දරුවන් උපකාරක පන්ති නොයවන්න…
පුවත්

අවදානම එසේමයි… අතිදක්ෂයින් කරන සිහිනයෙන් දරුවන් උපකාරක පන්ති නොයවන්න…

ජනවාරි 18, 2021
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 08කට කොවිඩ්… අමාත්‍යාංශයේ අංශ 3ක් වැසේ….
පුවත්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ 08කට කොවිඩ්… අමාත්‍යාංශයේ අංශ 3ක් වැසේ….

ජනවාරි 18, 2021
Next Post
උතුරේ සියළුම එළවළු වෙළෙඳසැල් වසා දැමේ…

උතුරේ සියළුම එළවළු වෙළෙඳසැල් වසා දැමේ...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06යි… ආසාදිතයන් ගණන 627යි…
  • ඇමතිනි පවිත්‍රා සහ සෞඛ්‍ය ලේකම් රූකඩ විතරයි – අමාත්‍යංශය හසුරුවන්නේ GMOA මාෆියාවයි
  • අවදානම එසේමයි… අතිදක්ෂයින් කරන සිහිනයෙන් දරුවන් උපකාරක පන්ති නොයවන්න…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist