දිනසේන රතුගමගේ –
කොල්ලකාරී ඉන්දීය ධීවරයින්ගේ ආක්‍රමණය නවත්වා දෙන්නට කියමින් ප්‍රථම වතාවට උතුරේ ධීවරයින් පොලිස් පැමිණිල්ලක් සටහන් කර ඇත.
මේ සතිය තුළ මුලතිව් මුහුදු තීරයට ඉන්දීය ධීවරයින් රැගත් ටෝලර් යාත්‍රා විශාල සංඛ්‍යාවක් අනවසරයෙන් දෛනිකව පැමිණීම නිසා මුලතිව් ධීවර සංගමයේ සභාපති වී.අරුල්නාදන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
උතුරේ ධීවරයින් හා ධීවර සංවිධාන ඉන්දීය ධීවරයින්ගේ බලහත්කාර ආක්‍රමණය වළක්වා දෙන ලෙස පොලීසියකට පැමිණිලක් ඉදිරිපත් කළ පලමු අවස්ථාව මෙය වෙයි.
මුලතිව් පොලීසියටද මේ පැමිණිල්ල විභාග කිරීමට හෝ ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගැනීමට නොහැකි නිසා පොලිසිය මේ සම්බන්ධයෙන් පළාතේ නාවික හමුදා කඳවුරට තොරතුරු දැණුම් දී ඇත.
මුලතිව් කන්දසාලී ප්‍රදේශයේ සිට නායාරූ දක්වා ඇති මුහුදු තීරයේ දිනකට ඉන්දීය ටෝලර් යාත්‍රා හාරසීයකට වඩා වැඩි සංඛ්‍යාවක් පැමිණ මසුන් මරමින් සිටින බවත් උතුරේ ධීවරයින් ඒ අසලට යන විට ඉන්දීය ධීවරයින් විවිධ දේවල් වලින් උතුරේ ධීවරයින්ට පහර දෙන බවත් පොලීසියට කරන ලද පැමිණිල්ලේ දී මුලතිව් ධීවර සංගමය ප්‍රකාශ කොට තිබේ.
මේ දිනවල භූමිතෙල් නොමැතිකම නිසා මුහුදු යාමට නොහැකිව අසරණ වී සිටින උතුරේ ධීවරයින්ගේ මත්ස්‍ය සම්පත ඉන්දීය ධීවරයින් විසින් බලහත්කාරයෙන් කොල්ලකෑම වහාම වළක්වා ලීමට පියවර ගන්නා ලෙස ධීවර සංගමය මුලතිව් පොලීසියෙන් වැඩි දුරටත් ඉල්ලා ඇත.