පේරාදෙණිය පොලිස් වසමේ ගන්නෝරුව පාළමේ සඟවා තිබී ජීව උණ්ඩ 23 ක් හා හිස් පතුරම් ගැබක් ඊයේ (09) රාත්‍රී 11.00 ට පමණ සොයාගෙන තිබේ.
පෙරහර සමයේ යම් කිසි සිදුවීමක් සඳහා සූදානමක් මින් ප්‍රකාශ වන්නේ දැයි යන සැකය මත ආරක්ෂක අංශ සිය විමර්ශන අරඹා තිබේ.
නාවික හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මෙම ජීව උණ්ඩ තොගය සොයා ගෙන තිබෙන අතර ඒවා කවුරුන් විසින් අදාළ ස්ථානයට ගෙනවිත් දැමුවේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
ජීව උණ්ඩ තොගය අතර එම් 16 වර්ගයේ උණ්ඩ 15 ක් ටී.56 වර්ගයේ උණ්ඩ 04 ක්, එස්.එල්.ආර් උණ්ඩ 03 ක් හා එෆ්.එන් රයිෆල් උණ්ඩ 01 ක් තිබී ඇත.
වැඩිදුර විමර්ශන සඳහා මෙම ජීව උණ්ඩ තොගය පේරාදෙණිය පොලීසියට බාරදී ඇත.
ජීව උණ්ඩ තොගය පොලිතින් කවරයක් ඔතා පාළමේ දකුණු පස ආරක්ෂිත බැම්මට පහළින් සඟවා තිබී සොයාගෙන තිබෙන බව පේරාදෙණිය පොලීසිය පවසයි.