යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව හෙට (11) හම්බන්තොට වරායට පැමිණීමට නියමිත බව එන්. ඩී. ටී.වි. පුවත් සේවය වාර්තා කරයි.
මෙම නෞකාව හම්බන්තොට වෙත පැමිණෙන්නේ ඉන්දියාවේ බරතල මැදිහත්වීම මත විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ගමන පමා කරන ලෙස ඉල්ලීමක් කර ඇති පසුබිමකය.
චන්ද්‍රිකා දත්ත සටහන් දක්වමින් NDTV පුවත් සේවය ඊයේ පැවසුවේ යුවාන් වැන්ග් 5 නෞකාව ඉන්දුනීසියානු වෙරළට ඔබ්බෙන් බටහිර දෙසට පැයට නාවික සැතපුම් 14 ක් හෙවත් පැයට කිලෝමීටර් 26 ක වේගයෙන් යාත්‍රා කරමින් සිටින බවය.
ඉන්දීය වෙලාවෙන් හෙට (11) පෙරවරු 9.30ට උක්ත නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට නියමිත බවත් ඔවුන් දන්වා ඇත.
එහෙත් හම්බන්තොට වරාය අධිකාරිය මාධ්‍යයට සඳහන් කර ඇත්තේ අදාළ නෞකාව පැමිණීම සම්බන්ධයෙන් මෙතෙක් දැනුම් දීමක් කර නොමැති බවය. එමෙන්ම මෙවැනි නෞකාවකට හම්බන්තොට වරායට පැමිණීමට මෙතෙක් අවසරයක් ලබා දී නොමැති බවත් වරාය අධිකාරිය ප්‍රකාශ කර ඇත.