අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසයේ සටහනක් පමණක් තබා ගෝල්ෆේස් අරගලකරුවෝ අරගල භූමිය අත්හරිති!

බඩගින්න එතැනමය. දූෂිත ක්‍රමය නොවෙනස්ය... වෙනත් වටයකින් අරගලය අරඹන බව අරගලකරුවෝ කියති!

by editor
අගෝස්තු 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක සලකුණක් තැබූ ගාළුමුවදොර අරගලය ඉතිහාසයට එක් කරමින් අරගලකරුවෝ ඊයේ (09) ගෝල්ෆේස් අරගල භූමියෙන් ඉවත් වීම නිවේදනය කළහ.

ගාලු මුවදොර අරගලය භූමියේ අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට අද (10) අද දිනය දක්වා කටයුතු නොකරන බව නීතිපතිවරයා විසින් පසුගියදා අධිකරණයට දන්වා තිබිණි.

ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ සුබවාදී ප්‍රතිසංස්කරණයක් බලාපොරොත්තුවෙන් සහ රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව ගොඩනැගුන දේශපාලන විරෝධයත්, රටේ පැන නැගුණ බිහිසුණු ආර්ථික පීඩනයක් ප්‍රකාශ වූ සංකේතය වූයේ ගාලු මුවදොර විරෝධතාවය ය. අතිශයින්ම නිර්මාණශීලී හා  ප්‍රගතිගාමී දේශපාලන යථාර්ථයන් මතුකරමින් ගොඩනැගුන අරගල භූමිය ආණ්ඩුවේ දේශපාලකයින් දක්වන ප්‍රචණ්ඩත්වයක් දක්වා තල්ලු කර දැම්මේ පසුගිය මැයි 09 දා එවකට අගමැති මහින්ද රාජපක්ෂගේ අනුදැනුම මත අරලියගහ මන්දිරයේ සිට පැමිණි පොහොට්ටු මැරයින‍් විසින් කළ මුග්ධ පහරදීමත් සමගිනි.

මැයි 09 ප්‍රහාරය…

ගෝල්ෆේස් අරගල භූමියට පහර දීම මිනිස්සුන්ගේ සාමුහික විරෝධය මර්ධනය කිරීම සඳහා දියත් කළ බිහිසුණු ප්‍රකාශනයක් වූයේය. එයට පිළිතුරු ලැබුනේ  පුපුරා ගිය කෝපය ප්‍රචණ්ඩත්වයක් කරා වර්ධනය වීමෙනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පාර්ලිමේන්තුවේ පොහොට්ටුවෙන් තවමත් ඇසෙන අරගලය “හයිජැක් කිරීම“ පිළිබඳ අදේශපාලනික කතාව ඔවුන් ජනතා බලය සහ ජනතාවගේ ජීවිත පීඩනය සම්බන්ධව  පැවති කාලකණ්ණි ආකල්පයේ ප්‍රකාශනයක් බව තවමත් පිළිගෙන නැත.

මැයි 09 රාත්‍රිය

පළමු වරට රටේ විධායක ජනාධිපතිවරයා පලා යෑම, මුදුන්පත් වනු ඇතැයි සිතූ එම ජන අරගලයේ ප්‍රාර්ථනාව සිහිනයෙනුදු නොසිතූ ලෙස ව්‍යාකූල කර හෑල්ලු කර දමා රටට වෙනසක් සිදුවන්නට ගිය තීරණාත්මක මොහොත ව්‍යවස්ථානුකූලව   හයිජැක්  කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වී පොහොට්ටුවේ නායකයා ලෙස පොහොට්ටුවේ ප්‍රතික්ෂේපිත දේශපාලන ව්‍යාපෘතිය නව වටයකින් ඇරඹීම මේ වනවිට සිදුවෙමින් තිබේ.

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරණයේ දී හිස් ගෙඩි මිලදී ගෙන බලයට පත් වූ ආකාරය සම්බන්ධ ලජ‍්ජා සහගත තොරතුරු මේ වනවිට පාර්ලිමේන්තුව තුළම කියැවෙමින් ඇත.  එසේ නම් එයත් මේ රටේ කුජීත දූෂිත ඡන්දවලින් එකකි.  මේ කියැවෙන්නේ ව්‍යවස්ථා රාමුවට ආවරණය වී ජනතා ප්‍රාර්ථනාව දූෂණය කළ ඇති බවය.

අරගලකරුවන් නික්ම යෑම නිවේදනය කරන්නේ රට අපේක්ෂිත කිසිම ගැටලුවක් නොවිසඳී ගෝඨාභය රාජපක්ෂ ධූරය අතහැර තාවකාලිකව රටෙන් පිටත්වීම පමණක් සිදුවී තිබිය දී ය.

අරගල කරුවන් ප්‍රකාශ කර තිබුනේ අත්හැර යන්නේ ගෝල්ෆේස් භූමිය මිස අරගලය නොවන බවය. අරගල භූමිය හැර යන්නට කලින් අරගලය වෙනුවෙන් දිවි පිදූවන් වෙනුවෙන් ඔවුහු පහන් දැල්වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පකිස්තානයේ කතෝලික දැරියක් පැහැරගෙන ආගම වෙනස් කරලා!

Next Post

ඉල්ලීම් පසෙකට.. චීන නැව හෙට උදේ හම්බන්තොටට – ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.