බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අය වැය යෝජනාවක් වූ ගුරු වැටුප් වැඩිකිරීම සිදු නොකර අය – වැයෙන් වෙන් නොවූ බිලියන ගණන් පරිපූරක ඇස්තමේන්තු දමා තමන්ට වෙන් කරගන්නා ජනාධිපති එක්ක මොන වෙනසක් ද?. අනුර අසයි…  

by editor
ජූනි 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • වෙනසක් කරන්න රනිල් එක්ක එකතු වෙලා ඉන්නේ  පොහොට්ටුවේ මහින්දානන්ද අලුත්ගමගේ, බන්ධනාගාර ඇමති වෙලා ඉන්න කාලේ රෑ බන්ධනාගාරයට පැනලා, සිරකරුවන් පෙළ ගස්වලා, තරුණයන්ගේ ඔලුවට පිස්තෝලෙ තිබ්බ ලොහාන් රත්වත්තේ,  කප්පම් අරගෙන, මහාධිකරණයේ වැරදිකරුවෙක් වෙලා අවුරුදු හතරකට ඇඟ බැඳ තිබෙන ප්‍රසන්න රණතුංග, මිරිස් කුඩු යාළුවා ප්‍රසන්න රණවීර, මීගමුවේ නිමල් ලංසා, මඩකලපුවේ පිල්ලෙයාන්…  අනුර ලයිස්තුව කියයි…

ස්වකීය මාසික වේතනය වෙනුවෙන් දැවැන්ත විරෝධතා ක්‍රියාවලියකින් අනතුරුව    ආණ්ඩුව සහ වෘත්තිය සමිති අතර ඇති කරගත් එකඟතාවයක ක්‍රියාත්මක කරන ලෙස  ඉල්ලමින් සාධාරණ අරගලයක යෙදෙන ගුරු විදුහල්පතිවරුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන මේ රටේ ජනාධිපතිවරයා ස්වකීය වාර්ෂික වියදම සඳහා වෙන් කළ මුදල මාස 04ක් තුළ වියදම් කර  අයවැයෙන් වෙන් නොකළ කෝටි 875ක් වෙන් කරගන්නා බවත් හැන්ද ඇත්තේ ඔවුන්ගේ අතේ බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීම අත් හිටුවා මැතිවරණ කටයුතු සඳහා මන්ත්‍රීවරුන් ගණනාවකට කෝටි 120 බැගින් අය වැයෙන් වෙන් නොකළ සල්ලි බෙදන ආකාරය හෙළි කරන මන්ත්‍රීවරයා අප සතුව ඇති දැවැන්තම සම්පතවන මානව සම්පත ගොඩනගන  ගුරු වෘත්තිය රටේ ප්‍රධාන වෘත්තීන් 10න් එකක් වෙත ගෙන ඒමේ ජාතික ජනබලවේග රජයක අපේක්ෂාව ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව  පැවසුවේ ඊයේ (27)  මඩකලපුව දිස්ත්‍රික් ගුරු සමුළුව අමතමිනි. අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

“මේ මොහොත ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක වෙලාවක්. ජනාධිපතිවරණයට මාස කිහිපයක් තබාගෙනයි මේ දිස්ත්‍රික් ගුරු සමුළුව පවත්වන්නේ.”

“ගුරුවරුන් වන ඔබට පැවරී තිබෙන ප්‍රධාන වගකීම අපේ රටට හොඳ මානව සම්පතක් නිර්මාණය කරන එකයි. දැනුමෙන් පිරුණු, මානවවාදයෙන් පිරුණු අලුත් මානව සම්පතක් අපි නිර්මාණය කරන්න ඕනෑ. අපේ ගුරුවරුන්ට තෘප්තිමත්භාවයක් නැහැ. ඔවුන්ට ලැබෙන වැටුප, අනෙකුත් පහසුකම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ.”

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

“ ඔබ මාස කිහිපයකට පෙර සාධාරණ වැටුපක් ඉල්ලා උද්ඝෝෂණයක යෙදුණා. සාමාන්‍ය පවුලක් පවත්වාගෙන යන්න, දරුවන්ට උගන්වන්න, දෙමව්පියන්ට සලකන්න, අද ගුරුවරයෙකුට ලැබන වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. වැටුප ප්‍රමාණවත් නැති වුණට, පහසුකම් නැති වුණාට ඔබට පැවරෙන වගකීම දියුණු මානවයෙක් හැදීමයි. ඔබගේ වෘත්තිය ජනප්‍රිය වෘත්තියක් බවට පත්වෙලා නැහැ. වරායේ, කස්ටම් එකේ, මහ බැංකුවේ රස්සාවකට යනවා තරම් ව්‍යාපාරයක්  කරනවා තරම් ගුරු වෘත්තිය ජනප්‍රිය නැහැ. ගුරු වෘත්තිය අඩු පහසුකම්, අඩු වැටුප් සහිත වෘත්තියක් බවට පත්වෙලා. “

අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් කොට තිබෙනවා ගුරු වෘත්තිය ලංකාවේ ප්‍රධාන වෘත්තීන් දහයෙන් එකක් බවට පත්කරනවා කියලා. ඒ ඇයි? අපේ රටේ වැදගත්ම සම්පත තමයි මානව සම්පත. මේ මානව සම්පත දියුණු කරන්නේ නැතිව අපේ රටට අනාගතයක් නැහැ. අපි විශාල කාර්මීකරණ රාජ්‍යයක් නොවෙයි. අපේ රට ගල් අඟුරු, රත්තරන්, තෙල්, ගෑස් වැනි වාණිජ සම්පත් තිබෙන රාජ්‍යයක් නොවෙයි. ඒ නිසා  අපේ සම්පත මානව සම්පත බවට පත්කර ගත යුතුව තිබෙනවා. ඒ නිසා රටටත් ලෝකයටත් අවශ්‍ය වන දියුණු මානවයෙක් අපි හදන්න ඕනෑ. එහිදී අධ්‍යාපනයට ලැබෙන කර්යභාරය අති විශාලයි.

අපේ ග්‍රාමීය ජනතාව මුහුණදී තිබෙන දුප්පත්භාවයෙන් ඔවුන් මුදාගන්නේ කොහොමද? තාත්තා ගොවියෙක්, ධීවරයෙක් වූ නිසාම පුතත් ගොවියෙක් හෝ ධීවරයෙක් වුණා. අද එම රැකියා ආදර්ශමත් වෘත්තීන් බවට පත්වෙලා නැහැ. ග්‍රාමීය දුප්පත්භාවයේ පදනම බවට පත්වෙලා තිබෙන්නේ හරිහමන් ආදායමක් සහිත වෘත්තියක් නොමැතිකම. එක පැත්තකින් කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය ආදර්ශමත් වෘත්තියක් බවට පත්කරන්න ඕනෑ. එම පවුල්වල දරුවන් නව වෘත්තීන්වලට යොමු කරන්න ඕනෑ. නව ආර්ථික අවස්ථා හදන්න ඕනෑ. ග්‍රාමීය තරුණ පරම්පරාවට නව රැකියා අවස්ථා හදන්නේ නැතිව, ආර්ථිකයේ නව දොරටු විවෘත කරන්නේ නැතිව දුප්පත්භාවයෙන් මුදා ගන්න බැහැ. ආර්ථිකයේ නව අවස්ථා හදනවා නම් එය ගොඩනැගිය හැකි වන්නේ අධ්‍යාපනයෙන්.

අපේ සමාජය විශාල ලෙස අපරාධවලට ගොදුරු වෙලා. කුඩු වැනි මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙලා. පසුගිය කාලයේ රිමාන්ඞ් බන්ධනාගාර ගත වූවන්ගෙන් 70%කට වැඩිය දහයේ පන්තියට පහළින් ඉගෙන ගත් අය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැයි වූවන්ගෙන් 70%කට වැඩිය දහයේ පන්තියට පහළින් අධ්‍යාපනය ලැබූ අය. ඒ කියන්නේ අපරාධවලටයි, මත්ද්‍රව්‍යවලටයි ඇබ්බැහිවීමයි අධ්‍යාපනයයි අතර සම්බන්ධතාවයක් තිබෙනවා.

යහපත් පුරවැසියෙක් ගොඩනඟන්න අධ්‍යාපනයත් ප්‍රධාන වැඩක්. දරුවෝ අධ්‍යාපනයට යොමු වුවහොත් අපරාධවලට, මත්ද්‍රව්‍යවලට, යොමු වීම අඩුවෙනවා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගිය ගොඩනැගීමේදී අධ්‍යාපනය ඉතාමත් වැදගත්. ජාතිවාදයට ගොදුරු වී තිබෙන සමාජය ඉන් ගොඩගැනීමේදී අධ්‍යාපනයට විශාල හිමිකමක් ලැබෙනවා. ලෝකයේ වේගයෙන් අලුත් දැනුම නිර්මාණය වෙනවා. තාක්ෂණයේ මහා පිමි ගන්නවා. තාක්ෂණය හරහා මාලු සම්පත ඉන්න දිශාව ධීවරයාට ලැබෙන පණිවිඩය අනුව ධීවරයා මුහුදු යනවා. ඒ තරමට තාක්ෂණය දියුණුවී තිබෙනවා.

අපේ රට ඉදිරියට ගෙනයාමට නම් තාක්ෂණයේ, විද්‍යාවේ විශාල ජයග්‍රහණයන් අත්පත් කර ගන්න ඕනෑ. ඒවා අත්පත්කර ගන්න අධ්‍යාපනය අවශ්‍යයි. ලංකාවේ ජනතාව දියුණු ජාතිකයක් බවට පත්කිරීමේදී, ආර්ථිකය ගොඩනැගීමේදී අධ්‍යාපනයට ප්‍රධාන වැඩකොටසක් තිබෙනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තියේ ප්‍රධාන වැඩ කොටසක් වන්නේ අධ්‍යාපනය දියුණු කිරීම. අධ්‍යාපනය දියුණු කරන්න ඒ සඳහා පහසුකම් හදන්න ඕන. ගුරුවරුන්ට අවශ්‍ය වෘත්තියේ ගෞරවය, ගුරු වෘත්තිය ජනප්‍රිය වෘත්තියක් වෙන්න ඕනෑ. නව දැනුම ගුරුවරුන්ට ලැබෙන්න ඕනෑ.

මේවැනි ක්ෂේත්‍ර ගණනාවක පරිවර්තනයක් කරන්න අපි ලැහැස්තියි. අපේ රටේ උතුරේ, දකුණේ, නැගෙනහිර හැමදෙනාම වෙනසක් බලාපොරොත්තු වෙනවා. වෙනසක අවශ්‍යතාවය වෙනුවෙන් සෑම කෙනෙක් තුළම උද්යෝගයක්, උද්ඝෝෂණයක් තිබෙනවා. ඒ වෙනස ඇති කිරීම සඳහා තීරණාත්මක ජනාධිපතිවරණයක් ඒමට නියමිතව තිබෙනවා. මේ වෙනස ඇති කළ හැකි වන්නේ කාටද?

රනිල් වික්‍රමසිංහ 1977 සිට මේ දක්වා ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන නායකයෙක්. ඒ කියන්නේ පැරණි අය. අවුරුදු 50කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ ඉඳිමින්, අධ්‍යාපන ඇමති, විදේශ ඇමති, තරුණ ඇමති, අගමැති, ආර්ථික ඇමති, මුදල් ඇමති, ජනාධිපති ධුර දරා තිබෙනවා. වෙනසක් ඇති කළාද?

අද වෙනසක් වෙනුවෙන් එකතු වෙන්නේ කවුද? පොහොට්ටුව නිල වශයෙන් රනිල්ට සහාය දෙන්න ප්‍රකාශයක් කර නැහැ. නමුත් පොහොට්ටුවේ මහින්දානන්ද අලුත්ගමගේ, බන්ධනාගාර ඇමති වෙලා ඉන්න කාලේ රෑ බන්ධනාගාරයට පැනලා, සිරකරුවන් පෙළ ගස්වලා, තරුණයන්ගේ ඔලුවට පිස්තෝලෙ තිබ්බ ලොහාන් රත්වත්තේ රනිල්ට සහාය දෙන්න ඉදිරිපත් වී තිබෙනවා. කප්පම් අරගෙන, මහාධිකරණයේ වැරදිකරුවෙක් වෙලා අවුරුදු හතරකට ඇඟ බැඳ තිබෙන ප්‍රසන්න රණතුංග, මිරිස් කුඩු යාළුවා ප්‍රසන්න රණවීර, මීගමුවේ නිමල් ලංසා, මඩකලපුවේ පිල්ලෙයාන් රනිල්ට සහාය දෙන්න තීන්දුවක් අරගෙන තිබෙනවා.

වෙනස් කරන්න ඉස්සෙල්ලාම වෙනස් නායකත්වයක්, වෙනස් පිරිසක් ඕනෑ. දශක ගණනාවක් අපේ රට පාලනය කරපු අවුරුදු දහය පහළොව ඇමතිකම් දරපු, පැරණි, අසර්ථක ඒ ඔක්කෝම එකතු වෙලා වෙනසක් වෙනුවෙන් ඡන්දේ ඉල්ලනවා. ජනතාවගේ අපේක්ෂාව වෙනසක්, ඒ වුණාට රනිල්ගෙන් ඒ වෙනස දෙන්න බැහැ.

සජිත් පේමදාසට පුළුවන්ද වෙනසක් කරන්න? එයාට ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න තිබෙන එකම සුදුසුකම තාත්තා ජනාධිපති වීම පමණයි. සජිත් ගැන එයාගෙ සභාපති සරත් ෆොන්සේකා කතා කරනවා. එයා ගැන දැන ගන්න ඒ ඇති.

මේ රටේ වෙනසක් කරන්න තෝරා ගන්න තිබෙන පාර ජාතික ජන බලවේගයේ අපි නියෝජනය කරන පාර පමණයි. විශේෂයෙන්ම ගුරුවරුන්ට වගකීමක් තිබෙනවා. වැටුප් වැඩිකර ගැනීමට දීර්ඝ උද්ඝෝෂණයක් තිබුණා. ඒ උද්ඝෝෂණය නතර කරන්න ආණ්ඩුව සහ වෘත්තිය සමිති අතර එකඟතාවයකට ආවා. අයවැය ලේඛනයට යෝජනාව ඇතුල් කළා. පියවර කිහිපයකට වැටුප් වැඩිකරන්න එකඟ වුණා. ඒ එකඟතාවය ඉටු කරන්න කියල ගුරුවරු  ඉල්ලන්නේ. ආණ්ඩුව ඒකට උනන්දුවක් දක්වන්නේ නැහැ.

හැබැයි රනිල් වික්‍රමසිංහට අයවැය ලේඛනයෙන් වෙන්නොකර පරිපූරක ඇස්තමේන්තුවකින් කෝටි 875ක් වෙන්කරනවා. රනිල් වික්‍රමසිංහට අයවැය ලේඛනයෙන් අවුරුද්දකට වෙන්කළ සල්ලි මාස හතරකින් ඉවර කළා. මන්ත්‍රීවරුන්ට ඡන්ද කරන්න කෝටි 120ක් දෙනවා, අයවැයෙන් වෙන් නොකළ සල්ලි. හැන්ද තියෙන්නේ ඒගොල්ලන් ගාව. ඒ හැන්දෙන් එයාලට බෙදා ගන්නවා.

ගුරුවරුන්ට අයවැයෙන් වෙන් කළ සල්ලි දෙන්නේ නැහැ. ගුරුවරු සාධාරණ උද්ඝෝෂණයක් කළා. ලිව්වා. සාකච්ඡා කළා. රනිල්ගේ උත්තරය වුණේ ජල ප්‍රහාර, කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර. එයාට ඒවා කළ හැක්කේ එයා ජනාධිපති නිසා. රනිල් ආවේ කඳුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් පොලු අරගෙන. ඔබ යන්නේ මොකක් අරගෙනද? ඡන්ද කාඞ් එකයි, හැඳුනුම්පතයි අරගෙන.

මේ ගනුදෙනුව බේරා ගන්නම ඕනෑ. මේ රටේ ගුරු පරපුර රනිල් වික්‍රමසිංහ පරාජයට පත්කිරීම සඳහා ඉදිරියට එනවා, වැඩ කරනවා, ඡන්දේ දෙනවා කියලා අපට දැඩි විශ්වාසයක් තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යනු සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ නියෝජනය සහිත ආණ්ඩුවක්. උතුර, දකුණ, නැගෙනහිර සියලු දෙනාගේ කැමැත්තෙන් හැදෙන ආණ්ඩුවක්. දකුණේ දේශපාලනයේ ජාතික ජන බලවේගය සමග හැප්පෙන්න කිසිදු දේශපාලනයක් නැහැ. දකුණ දිනන්නේ අපි.

සිංහල,දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ සහයෝගය අපිට අවශ්‍යයි. මේ රටේ ප්‍රශ්න විසඳිය හැක්කේ එහෙම ආණ්ඩුකට පමණයි. එහෙම ආණ්ඩුවක් තමයි මෙතෙක් හැදුණු ආණ්ඩුවලට වඩා වෙනස් ආණ්ඩුවක් වෙන්නේ.

එහෙම ආණ්ඩුවක් අපි හදමු. ඔබ ඉතා හොඳින් මේ පණිවිඩය ගෙන යන්න. ශක්තිමත් ජයග්‍රහණයන් ජාතික ජන බලවේගයට ලබාදෙන්න මහන්සි වෙන්න. ඒ වෙනුවෙන් ඉදිරියට එන්න. ඒ වෙනුවෙන් වැඩ කරමු

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෘද රෝගියා වව්නියාව රෝහලට ගෙන යමින් සිටි ගිලන් රථය රෝගියා පිටින්ම යළි කැඳවලා… රෝගියා ගිලන් රථයේම මැරිලා…  සෙට්ටිකුලම රෝහල ගැන විමර්ශනයක්! 

Next Post

හිරුණිකාගේ සිපිරිගෙට යැවූ නඩුව… අද අධිකරණයේ සිදුවූයේ කුමක් ද?.

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.