බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෆොන්සේකා ලියූ පොත ජනපති ප්‍රධානත්වයෙන් එළි දකී… මුල් කොපිය ජනපතිට පිළිගන්වයි!

by editor
ජූනි 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • අනාගතයේ දී සරත් ෆොන්සේකාගෙන් රටට ගත හැකි සේවය ලබා ගැනීමට අවස්ථාව ලැබේ යැයි තමා බලාපොරොත්තුවන බව ජනපති කියයි!

තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

ග්‍රන්ථයේ පළමු පිටපත මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සමරු තිළිණයක් ද පිළිගැන්විණි.

හිටපු යුද හමුදාපතිවරයෙකු ලෙස සරත් ෆොන්සේකාගේ සේවාව මෙහිදී අගය කළ ජනාධිපතිවරයා යුද අභියෝගය ජයග්‍රහණය කළ සහ දේශපාලනයේ අභියෝග රැසකට මුහුණ දුන් සරත් ෆොන්සේකාට ඉදිරියට ද රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් සිදු කිරීමට හැකියාව තිබෙන බව සඳහන් කළේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

මෙරට යුද හමුදාවේ එකම ෆීල්ඩ් මාර්ෂල් තනතුර දරන්නේ සරත් ෆොන්සේකා මහතායි. එතුමා යුද අභියෝගය ජයග්‍රහණය කළා පමණක් නොවෙයි, යුද පිටියෙන් පිටත දේශපාලනය තුළත් අභියෝගවලට මුහුණ දුන් කෙනෙක්.

මම එතුමාව හඳුනාගත්තේ පසුගිය යුද කාලයේ ජෙනරල් සිසිල් වෛද්‍යරත්න මහතා මාර්ගයෙන්. ජෙනරල් සිසිල් වෛද්‍යරත්න මහතාව මම සමීපව ඇසුරු කළා. ඔහු මට කිව්වා මේ නිලධාරියාට හොද අනාගතයක් තිබෙනවා ඒකට අවස්ථාව සලසා දෙන්න කියලා. යුද්ධය ආරම්භ වූ කාලයේදීත්, ඊට පෙර කාලයේදීත් ආණ්ඩුවේ සිටි මට යුද්ධයට සහභාගීවූ හැම නිලධාරියෙක් පිළිබඳවම අවබෝධයක් තිබුණා. එම කාලයේ විශිෂ්ට නිලධාරින් කිහිප දෙනෙකු බිහි වූ අතර එම සියලුදෙනා අතරින් සරත් ෆොන්සේකා මහතාට විශේෂ ස්ථානයක් හිමි වෙනවා.

විශේෂයෙන්ම යාපනය ජය සිකුරු මෙහෙයුම අසාර්ථක වු අවස්ථාවේ හමුදාව අත්පත් කරගත් සියලු දේ අහිමි වුණා. එම අවස්ථාවේ මම අගමැතිවරයා ලෙස කටයුතු කළ අතර යාපනය භාර දෙන්නේ කාටද කියා අපට තීරණයක් ගැනීමට සිදු වුණා. ඒ වන විට බොහෝ දෙනෙක් මිය ගොස් හා තුවාල ලබා සිටීම හේතුවෙන් පිරිස් අඩු වී තිබුණා. ඇතැම් අය කිව්වා යාපනයට ඩිවිෂන් එකක් අවශ්‍යයි කියලා. එම අවස්ථාවේ මම හමුදාපතිවරයාට පැවසුවා සරත් ෆොන්සේකාට යාපනය භාර දෙමු කියලා. ඒ අනුව තමයි යම් ස්ථාවරභාවයක් ඇති කරගන්නා තුරු ඔහු එම කටයුතු කරගෙන ගියේ.

ඔහු වැටුණු තැනින් පටන් ගෙන යුද්ධය ජයග්‍රහණය කරා ගෙන ගියා. එහිදී අසීරු තීරණ ගැනිමට ඔහුට සිදු වුණා. යුද්ධයක් කියන්නේ ක්‍රිකට් තරගයක් නොවෙයි. මිනිස් ජීවිත අහිමි වෙනවා. දේපළ විනාශ වෙනවා. එහිදී යුද හමුදාව මෙහෙයවමින් ඉදිරියට යාමට එතුමාට ශක්තිය තිබුණා.

අප මුහුණ දුන්නේ ලෝකයේ තිබු අසීරුම යුද්ධයකටයි. අනෙක් රටවල තවමත් එම යුද්ධ පැවැත්වෙනවා. ඇෆ්ගනිස්ථානය යුද්ධය ආරම්භ කළේ අපටත් කළින්. සරත් ෆොන්සේකා මහතා තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු කළා.

ඒ වගේම සිවිල් ජීවිතයේ අභියෝග රැසකට ද එතුමාට මුහුණ දීමට සිදු වුණා. එහිදී ඔහු තනි වූ අවස්ථාවේ සහ බන්ධනාගාරගත වූ අවස්ථාවේ එතුමා තවත් ශක්තිමත් චරිතයක් වුණා. ඉන් පසුව යහපාලන රජය යටතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර එතුමාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර පිරිනැමීමට අප තීරණය කළා. එතුමා සුදුස්සෙක් ලෙස එය බාර ගනු ලැබුවා.

සරත් ෆොන්සේකා මහතාගේ අත්දැකීම් සහ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට අපට ආණ්ඩුවක් ලෙස අවස්ථාව ලැබුණා. එතුමා සටන්කාමී චරිතයක්. යුද පිටියේ වුවත් දේශපාලනයේ වුවත් එතුමා සටන අතහරින්නේ නැහැ. එතුමාට තවදුරටත් මේ රටට සේවය කිරීමට හැකියාව තිබෙනවා. එතුමාගේ සේවය අපට ලබාගත හැකියි.


Old soldiers never die, they simply fade away. In this instance he wont fade away either, so he is still there. ඒ
අනුව අනාගතයේ දී එතුමාගෙන් ගත හැකි සේවය රටට ලබා ගැනීමට අවස්ථාව ලැබෙයි කියා මා බලාපොරොත්තු වෙනවා.

සරත් ෆොන්සේකා මහතා වරක් යාපනයේ දී ප්‍රකාශ කළා, “දැන් යුද්ධය අවසන් රට තුළ සාමය ඇති කළයුතුයි” කියලා. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් එම කටයුතු අවසන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අප සියලුදෙනා එක්වී රට ගොඩනගමින් ඉදිරියට යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා. අපේ හමුදාව අත්දැකීම් බහුල දක්ෂ හමුදාවක්. රට ගොඩනගමින් සාමය ස්ථාපිත කිරීම සඳහා මේ සියලුදෙනාගේ සහාය ලබාගත හැකියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගීත ඇසූ වරදට උතුරු කොරියානු තරුණයෙක් ප්‍රසිද්ධියේ මරා දමලා!

Next Post

ජනපති සුභ ආරංචිය පාර්ලිමේන්තුවට කී පසු දෙදින පාර්ලිමේන්තු විවාදයක්!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.