අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිල්ලි ගුවන්තොටුපළේ වහලය කඩා වැටේ…එක් අයෙකු මියගොස් අටකට තුවාල!

by lankasara-editor
ජූනි 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පලමු පර්යන්තයේ (T1) වහලයක කොටසක් කඩා වැටීමෙන් අද (28) එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් අට දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර  තිබෙනවා.
එරට බලධාරීන් පවසන ආකාරයට මෙම සිදුවීම සිදුව ඇත්තේ අද උදෑසන 05 ට පමණය.

අන්තර්ජාලය තුල සංසරණය වන වීඩියෝ පටයන් හි ගුවන් තොටුපළේ පලමු පර්යන්තය දිගේ නවතා ඇති මෝටර් රථවලට, වහලයට ආධාරක ලෙස තනා තිබූ දැවැන්ත කුළුණු කඩා වැටෙන අයුරු දැක්වෙනවා.

මෝටර් රථයක් මතට, ගුවන්තොටුපළේ වහලයට ආධාරක ලෙස සවිකර තිබූ කුළුනක් කඩා වැටී ඇති අයුරු

ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය X හි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ අද අලුයම දිල්ලියට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් දිල්ලි ගුවන් තොටුපළේ පලමු පර්යන්තයේ වහලය කඩා වැටී ඇති බවත් ඒ හේතුවෙන් පලමු පර්යන්තය සහ ඉන් පිටවන ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇති බවත් ය. එමෙන්ම එහි ක්‍රියාකාරිත්වය සඳහා විකල්ප විධිවිධාන සලසා ඇති බවත් එම සටහන තුළ සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන්දියාවේ මධ්‍යම සිවිල් ගුවන් සේවා අමාත්‍ය රාම් මොහාන් නයිදු කිංජාරපු දිල්ලි ගුවන් තොටුපළ වෙත ගොස් සිදුවීම සිදුවූ පලමු පර්යන්තය නිරීක්‍ෂණය කර ඇති අතර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව දෙවන සහ තුන්වන පර්යන්ත වෙත මාරු කරන බව සඳහන් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වැඩිදුරටත් සඳහන් වන්නේ අමාත්‍යවරයා මෙම සිදුවීම ඉතා බරපතල සිදුවීමක් ලෙස හඳුන්වමින් මියගිය පුද්ගලයාගේ පවුලට රුපියල් ලක්ෂ 20 ක වන්දියක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර සිද්ධියෙන් තුවාල ලැබූවන්ට රුපියල් ලක්ෂ 3 බැගින් පිරිනැමීමට කටයුතු කර ඇති බවයි.

දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පලමු පර්යන්තයේ ඇත්තේ ඉන්ඩිගෝ (lndiGo) සහ ස්පයිස් ජෙට් (SpiceJet) ගුවන් සමාගම් විසින් සිදු කරන අභ්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් පමණි. ගුවන් තොටුපළේ T1, T2 සහ T3 ලෙස පර්යන්ත තුනක් ඇති අතර දිනකට ගුවන් ගමන් 1,400ක් පමණ හසුරුවන බව සඳහන් වේ. ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළ දැක්වෙන්නේ ලොව කාර්යබහුලම ගුවන් තොටුපළක් ලෙසයි.

කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමග ස්පයිස් ජෙට් ගුවන් සමාගම නැවත දැනුම්දෙන තුරු සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බවද වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය සඳහන් කරන ආකාරයට දිල්ලි නගරයට අද දෙවන දිනටත් අධික වර්ෂාවක් පතිත වී ඇති අතර ඒ හේතුවෙන් දිල්ලියේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී ඇත. දිල්ලි නගරයේ ප්‍රාථමික කාලගුණ මධ්‍යස්ථානය වන Safdarjung නිරීක්ෂණාගාරයට අනුව ඊයේ සහ අද උදෑසන කාලය තුළ මිලිමීටර් 154 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක සඳහන්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිරුණිකා බරපතල වැඩ ඇතිව වසර 3ක් හිරේට… තරුණයා පැහැර ගැනීමේ නඩුවේ චෝදනා 18ට ම වරදිකරු වෙයි!

Next Post

CID ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයෙන් අත් අඩංගුවට ගත් සංජය මහවත්ත ලබන 05 තෙක් රිමාන්ඩ්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.