අමුද්‍රව්‍ය නොමැති විම හේතුවෙන් සියයට 35 – 40 වැසී ගිය කුඩා කර්මාන්ත විදුලිබිල වැඩිවීමත් සමග සියයට 50 – 60 දක්වා වැසී යනු ඇති බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිලුක්ෂ කුමාර සඳහන් කරයි.
විදුලි බිල සියයට 75 සිට 200 දක්වා වැඩිවීම හේතුවෙන් සුළු කර්මාන්ත වලට මසකට ගෙවීමට සිදු වූ රුපියල් 80000 – 90000ක විදුලි බිල වෙනුවට ලක්ෂ දෙක තුනක විදුලි බිලක් ගෙවීමට සිදුවනු ඇති බව ද ඔහු පෙන්වා දෙන්නේය.
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩයේ ලියාපදිංචි වී ඇති කර්මාන්තවලට මිල වැඩිකිරීම සිදුවන්නේ කෙසේද යන්න පිලිබඳව වහාම සඳහනක් කරන්නැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගෙන් විශේෂ ඉල්ලිමක් කරන බවද සංගමය අවධාරණය කරයි.