සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

හිතුමතේට ඩොලරය රුපියල් 230 කිරීම අතීසාරයට අමුඩ ගැසීමක්… 

බැසිල් දැන් වැඩ කරන්නේ ජයශංකර් කියන විදිහටද?   - ආචාර්ය හර්ෂ ද සිල්වා.

by editor
මාර්තු 9, 2022
in ව්‍යාපාර
Harsha-De--Silva
Share on FacebookShare on Twitter

රුපියල බදාගෙන හිටපු මහ බැංකුව මුදල් ඇමති බැසිල් රාජපක්ෂට ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් මහතා දුන් දුරකතන ඇමතුමෙන් පසුව සලිත වී හිටිහැටියේම ඩොලරයට රුපියල්  230ක් දුන් වත් මේ කෘත්‍රිම අවප්‍රමාණයද අතිසාරයට අමුඩ ගැසීමක් පමණක්ම  වන බව සමගි ජනඉලවේග පාර්ලමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

 විපක්ෂය මෙන්ම ස්වාධීන ආර්ථික විශේෂඥයින් පසුගිය කාලයේදී දිගින් දිගටම කියා සිටියත් මහ බැංකුව විසින් රුපියලේ අගය කෘත්‍රිමව අල්ලාගෙන සිටීම නිසා රටට ඩොලර් බිලියන 04 ක පමණ දැවැන්ත පාඩුවක් වූ බවත් හිටි හැටියේම නින්දෙන් ඇහැරුණාක් මෙන් රුපියල 230 ක් දක්වා මහ බැංකුව අවප්‍රමාණය කළේ ඉන්දියාවේ බලපෑම නිසා බවත් මන්ත්‍රිවරයා පැවසුවේ ඊයේ පස්වරුවේ (08) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග සිදුකළ දුරකතන සංවාදයෙන් පසුව හිටිහැටියේ මෙම තීරණය ගත් බව  මන්ත්‍රීවරයා මෙහිදී කීය. “දැන් ලංකාවේ රුපියලේ අගය තීරණය කරන්නේ ජයශංකර්ද? මේ ආණ්ඩුව ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1000 ක ණයක් ගන්න යනවා. ඒකට ඉන්දියාව කොන්දේසි දාල තියනව බව අනාවරණය වෙනවා. මේ රුපියල අවප්‍රමාණය කරන්නෙත් එහි එක කොන්දේසියක් විදිහට. මේ තීරණය ගන්න ඉන්දියාව කියනකම්ම ඉන්න ඕනද? මේ ආණ්ඩුවට මොළයක් කියල දෙයක් නැද්ද?” යනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී ප්‍රශ්න කළේය.

ඔහු මෙහිදී අවධාරණය කළේ රුපියල 230 ක් දක්වා කෘත්‍රිම ලෙස අවප්‍රමාණය කිරීමත් අතීසාරයට අමුඩ ගැසීමක් පමණක් බවයි. මේ තුළින් වෙළෙඳපොළ බලවේග වලට අනුව නිදහසේ රුපියලේ අගය තීරණය නොවන බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා පැවසුවේ ඩොලරයක මිල රුපියල් 230 ක මිලකට කෘත්‍රිමව පාලනය කිරීමද අපහසු එකක් වනු ඇති බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ නිසා, මේ ආණ්ඩුව කිසිදා නිවැරදි තීන්දු නොගන්නා බව පැවසූ මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙවැනි අපැහැදිලි තීරණ නිසා මේ වනවිට මූල්‍ය වෙළෙඳපොළ ව්‍යාකූලත්වයට පත්වී තිබෙන බවයි. එක් අතකින් රටට ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සඳහා ඩොලර් හිඟයක් නිර්මාණය වී තිබෙන අවස්ථාවක රුපියල කෘත්‍රිම ලෙස පාලනය කිරීමේ බලපෑමෙන් ජනවාරි මාසයේදී මෙරටට ලැබිය යුතුව තිබූ විදේශ ප්‍රේෂණ ආදායම් සියයට 62 කින් පමණ දැවැන්තව කඩා වැටුණු බව මන්ත්‍රී වරයා මෙහිදී සඳහන් කළේය.

මෙම තත්ත්වය තුළ විදේශ ශ්‍රමිකයින් විසින්⁣ මෙරටට එවූ මුදල් මාස 07 ක් තුළ ඩොලර් බිලියන 2.5 කින් පමණ අඩුවූ බවත් රුපියල රැකගැනීම සඳහා තවත් ඩොලර් බිලියන 1.5 ක් පමණ මේ ආණ්ඩුව විනාශකර දැමූ බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අනාවරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තාත්තාගේත් අම්මාගේත් හිරිහැර දරා ගත නොහැකිව 12 හැවිරිදි දැරියක් පොලිසියට පැමිණ හඬා වැටෙයි!

Next Post

අත්‍යාවශ්‍ය ඖෂධ සති දෙකකට පමණයි… ඖෂධවේදීහු කියති…

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.