දිනසේන රතුගමගේ –
යාපනයේ අච්චුවේලී ප්‍රදේශයේ පාසල් දැරියකට දෙමව්පියන්ගෙන් සිදුවන හිරිහැර ඉවසීමට නොහැකිව ඇය ඒ පිළිබදව පොලීසියට කරුණු පැහැදිලි කිරීමෙන් පසුව එම දැරියගේ ආරක්ෂාව සඳහා ඊවේ( 8) පොලිස් බාරයට ගෙන තිබේ.
වයස අවුරුදු 12 ක මෙම ශිෂ්‍යාව පාසලේ හත්වන ශ්‍රේණියේ ඉගෙණුම ලබන අතර ඇය පොලීසියට පවසා ඇත්තේ සිය පියා බීමත්ව නිවසට පැමිණ තමන්ට කරදර කරන බවයි.
එම කරදර වලින් තමන්ව බේරා ගැනීමට මව ඉදිරිපත් වන විට පියා මවට පහර දෙන බවත් පසුව ඒ සිද්ධීන් නිසා මවද තමන්ට පහර දෙන බවත් පොලීසියට ඇය ප්‍රකාශ කොට තිබේ.
පාසල් නිල ඇදුම පිටින්ම පොලීසියට පැමිණ මේ තොරතුරු ඉදිරිපත් කළ එම පාසල් දැරිය අච්චුවේලී පොලීසිය විසින් යාපනයේ කෝපායි ප්‍රදේශයේ ළමා නිවාසයක් වෙත යොමු කොට ඇති අතර ශිෂ්‍යාවගේ ප්‍රකාශයන් මත දෙමව්පියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා තිබේ.