රටේ අත්‍යාවශ්‍ය ඖෂධ පිරිමසාගත හැකි මට්ටමකට හෝ ඇත්තේ තව සති දෙකක් සඳහා පමණක් බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය නිවේදනය කරයි.
එම සංගමයේ සභාපති අජිත් තිලකරත්න කියා සිටියේ මේ වනවිටත් පිළිකා සහ වකුගඩු රෝග සඳහා ලබා ගන්නා ඖෂධ අවශ්‍ය ප්‍රමාණයෙන් නොමැති බවය.
එහෙත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සහතික වන්නේ රටට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවය.