වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයෙන් ඉවත් කර දෙන්නැයි එම සංගමය ලේකම්වරයෙකු වූ නවීන් සිල්වා ඉල්ලා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ල ඊයේ (26) පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ නාරාහේන්පිට අභයාරාමයේ පැවති විශේෂ පුවත්පත් සාකච්ඡාවක් අමතමිනි.
“නවීන් සොයිසා මෙම ඉල්ලීම කරන්නේ පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන්ගෙන්. සදාචාරාත්මක තත්ත්වය මත ඒවා හෙළිදරව් කරන්නෙ නෑ. නමුත් ඒ ගැන අභියෝග කරනවා නම් හෙළිදරව් කරන්න මැළිවෙන්නෙත් නෑ.“
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසීය.