සුමිත් පොතුපිටිය
හෙරෝයින් මත්කුඩු සමග උපාධි අපේක්ෂක හිමිනමක අද (19) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව මතුගම පොලිසිය පවසයි.
මතුගම අපරාධ අංශ ස්ථානාධිපති වරයාට ලද තොරතුරක් මත මතුගම නගරයේදී පරීක්ෂා කොට පොලිතින් කවරයක බහා තිබූ හෙරෝයින් මත්කුඩු මිලිග්රැම් 60 ක් මෙසේ සොයාගත් බව පොලිසිය කීය.
වස්කඩුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක වැඩවසන 24 හැව්රිදි හිමිනමක මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.
අත්අඩංගුවට ගෙන ඇති හිමි නම කොළඹ ප්‍රදේශයේ විශ්ව විද්‍යාලයක උපාධියක් හදාරමින් සිටින බවද වාර්තාවේ.
සැකකාර හිමි මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
මතුගම මූලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත ගේ අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදයංග ගේ ප්‍රධානත්වයෙන් වැටලීම කර තිබේ.