ශ්‍රියානි විජේසිංහ –
-
සේවා ව්‍යස්ථාව ගැසට් කළහොත් එදින සිට දැවැන්ත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ග්‍රාම නිලධාරීන් රජයට අනතුරු අඟවයි!
ග්‍රාම නිලධාරීන්ගේ සංගම් සමඟ සාකච්ඡා නොකර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රමුඛ කණ්ඩායමක් මගින් සකස් කළ සේවා ව්‍යවස්ථාව ගැසට් කළහොත් ඒ මොහොතේ සිට ග්‍රාම නිලධාරීන් සියලුම රාජකාරි කටයුතුවලින් ඉවත් වන බව ඒකාබද්ධ පෙරමුණේ ලේකම් ජගත් චන්ද්‍රලාල් පවසා සිටියි.
මුදල් අමාත්‍යංශයේ නිලධාරින් සමඟ අද (3) සාකච්ඡා කර අවසන් තිරණයක් ලබන සිකුරාදාට කලින් දෙන බව ජනාධිති උපදේශක සාගල රත්නායක ප්‍රකාශ කිරිමත් සමග ආරම්බ කිරීමට තීරණය කර තිබු අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිකව නතර කර ක්‍රියාත්මක කළ අකුරුට වැඩ කිරීමෙ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඒ පරිදිම ඉදිරියට ගෙන යාමට තීරණය කළ බව ලේකම්වරයා පැවසුවේය.
ග්‍රාම නිලධාරීන් වසම් 14022ක් දිවයින පුරා පිහිටා ඇති බැවින් ග්‍රාම නිලධාරින් වැඩ වර්ජනය නිරත වුවහොත් මෙම වසම් හී පදිංචි කිසිම පුද්ගලයෙකුට අත්‍යවශ්‍ය රාජකාරි සේවාවන් ඉටුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වන බවද ජගත් චන්ද්‍රලාල් කීවේය.
අපොස සාපෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ හැඳුනුම්පත් සකස් කර ගැනීම සඳහා එම දරුවන්ගේ පදිංචිය තහවුරු කිරීමේ වගකිම පැවරී ඇත්තේ ග්‍රාම නිලධාරීන්ට බැවින් අඛණ්ඩ වැඩ වර්ජනයකට ග්‍රාම නිලධාරීන් යොමු වුවහොත් එම දරුවන්ට හැදුනුම්පත ලබා ගැනීමට ද නොහැකි වන බව හෙතෙම පෙන්වාදේ.
මෙවැනි මානූෂීය කටයුතු සලකා බලා ග්‍රාම නිලධාරීන් රාජකාරීවලින් මුළුමනින්ම ඉවත් නොවී අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයන් ගැනීමට හේතු වූ බවද ලේකම්වරයා පවසා සිටියි.







