ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර තීරණාත්මක හමුවක් මීට සුලු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයේ දී පැවැත් වී තිබේ.
මෙම හමුව පවත්වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ඉවත් විය යුතුය යන දැඩි ස්ථාවරය මත හිඳගෙන නව ආණ්ඩුව සඳහා කේවල් කරමින් සිටිය දීය.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හමුවන්නේ පොහොට්ටුවේ ප්‍රබලයින්, ස්වාධීන මන්ත්‍රීවරුන් මෙන්ම සමගි ජන බලවේගයේ පිරිසක් ද අන්තර්වාර පාලන රජයේ අගමැති ධුරය භාරගන්නා ලෙස ඉල්ලීම් කරමින් සිටිය දී ය.
එමෙන්ම එම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් හිටපු අගමැතිවරයා විසින් දක්වා ඇති අවස්ථාවක ජනාධිපතිවරයාගේ ආරාධනාව පිට මෙම හමුවීම පැවැත්වීම විශේෂිතය.
උද්ගතව ඇති වත්මන් තත්ත්වය සහ ඒවාට විසඳුම් සෙවිය යුතු ආකාරය ගැන ඇතිවූ මෙම සාකච්ඡාවේ දී රට අරාජික නොකර ක්ෂණික විසඳුම් සොයාගත යුතු අවස්ථාවක රට පසුවන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.
නව ආණ්ඩුව සඳහා විපක්ෂයට කර ඇති ආරාධනාව සඳහා පිළිගත හැකි එකඟතාවයක විපක්ෂය නැති බව එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
මේ තත්ත්වය තුළ බොහෝ විට නව අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ වැඩ භාරගනු ඇති බවට දේශපාලන ආරංචි අංශ විශ්වාසය පල කරයි.