පාකිස්ථානයේද විදේශ සංචිත මේවන විට සීඝ්‍රයෙන් පහළ යමින් පවතින අතර ඒ අනුව එරට තුලද ශ්‍රී ලංකාවට සමාන දරුණු ආර්ථික අවපාතයක් නිර්මාණය වී ඇති බවට වාර්තාවේ.
ඒ අනුව පසුගියදා පත්වූ නව පාකිස්ථාන ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අමුදලේ සහය පැතීමටද තීරණය කර ඇති අතර චීනය සහ සෞද්ධි ආරබිය වෙතද සිය සංචිත ඉහළ දමා ගැනීමට යොමුවීමට නියමිත බවද බි්‍රතාන්‍යයේ ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට සමානම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්ථානය තුල පවතින අරමුදල් හිඟය හේතුවෙන් එරට විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම සඳහා ගල් අඟුරු හෝ ස්වාභාවික වායු විදේශයන්ගෙන් මිලදී ගැනීමට නොහැකි වී තිබේ. ඒ අනුව මේවන විට පාකිස්ථානය තුලද විදුලි සැපයීම අඩපන වී ඇති අතර නිවාස සහ කාර්මානශාලාවලට විදුලි බලය සැපයීම ඇණහිටී තිබේ.
ඒ අනුව පාකිස්ථානය සතු විදේශ සංචිත ප්‍රමාණය මසකට පමණක් එරටට අවශ්‍ය ආනයන ගෙන්වීමට තරම් ප්‍රමාණවත් වන බවද නවතම සංඛ්‍යාලේඛණ වලින් අනාරවණය වේ. මේ අතර එරට අයවැය පරතරයද සීඝ්‍රයෙන් ඉහළගොස් ඇති අතරම එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.8ක අගයක පවතින බවටද වාර්වේ.
පාකිස්ථානයේ හිටපු ජනාධිපති ඉම්රාන් ඛාන් දැඩි චීන හිතවාදී ප්‍රතිපත්තියක් ගෙනගයි අතර දැඩි දූෂණ ව්‍යාපෘති රැසක් එම කාලය තුලදී ක්‍රියාත්මක විය. එහෙත් ශ්‍රීලංකාව තුල මෙන්ම පාකිස්ථානය තුලද දැඩි ආර්ථික අවපාතයක් නිර්මාණය වූ විට චීනය යම් ආකාරයකට නිහඬ ප්‍රතිපත්තියක් ගෙනයන අයුරු මේවන විට දැකගැනීමට හැකිවේ.