සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට ගිනි තැබීමට පාදක වුණු මුල් සිද්ධිය පක්ෂපාතීත්වයකින් තොරව හෙලා දකිනවා – ජනපති

ප්‍රචණ්ඩත්වය වැපිරවූ සියලු දෙනාට දැඩිව නිතිය ක්‍රියාත්මක කරනවා...

by editor
මැයි 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රට පුරා බිහිසුණු ව්‍යසනයක් නිර්මාණය කිරීමට පාදක වුණු මුල් සිද්ධිය   පක්ෂපාතීත්වයකින් තොරව දැඩි ලෙස හෙළා දකින බවත්   ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ  කිරීමට පොලිස්පතිවරයාට  උපදෙස් දී ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

ඔහු පවසන්නේ ඉන් අනතුරුව පැය කීපයක් තුළ රට පුරා ඇති වූ සිදුවීම් ඉතා සංවිධානාත්මකව  සිදුවුනු නින්දිත මැර ක්‍රියා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුළු 09 දෙනෙක් පහර දී මරා දැමූ ම්ලේච්ඡත්වය පිළිකුල් සහගත ලෙස හෙළා දකිමින් එම අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්ය.

පාර්ලිමේන්තුවට සහ රටට පිළිගත හැකි නව අගමැතිවරයෙක් යටතේ  ජ  සතියක් තුළ නව ආණ්ඩුවක් නිර්මාණය කරන  බවත් ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයා මෙසේත් පැවසුවේය.

අද අපේ රට ඉතිහාසයේ බරපතලම අර්බුදයකට මුහුණ දී සිටිනවා. මේ අවස්ථාවට එන්නට පෙර ආර්ථිකය අර්බුදය හින්දා ජනතාව මුහුණ දෙමින් සිටි දුෂ්කරතා නිසාත් සමාජ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වුනා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ පැවති ගැටලුවට විසඳුම් ලෙස විවිධ පාර්ශවයන් ඉදිරිපත් කළ පොදු යෝජනාවක් වුනේ පාර්ලිමේන්තුව නියොජනය කරන  බහුතරයක් පක්ෂ එකතු කරන නව ආණ්ඩුවක් පිහිටුවීමයි.

පසුගිය කාලෙ මේ සඳහා විවිධ පක්ෂ සහ කණ්ඩායම්වල නායකයින් සමග සාකච්ඡා කළා. ඒ අදහස පිළිගත්තා. මේ විසඳුමට අවශ්‍ය පසුබිම සකස් කරගන්නට මම අසීරු හා දැඩි තීන්දු කීපයක් ගත්තා.

පසුගිය කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දී ජ්‍යෙෂ්ඨ ඇමතිවරු විශාල ප්‍රමණයක් රාජපක්ෂවරු සියලු දෙනාමත් නැති තරුණ මන්ත්‍රීවරුන්ගෙන් යුතු නව ඇමති මණඩලයක් පත් කළා.

අගමැතිවරයා ඉල්ලා අස් වී සමස්ථ කැබිනට් මණ්ඩලයම විසුරවලා නව අගමැතිවරයෙකුට සහ කැබිනට් මණ්ඩලයකට අස්ථාව සලසා දෙන්නට එකඟතාවයට පැමිණිය.

නමුත් මැයි මස 09 සඳුදා උදෑසන ඔබ සියලු දෙනාම දන්නා පරිදි ඉතාම අවාසනාවන්ත තතත්වයක් ඇති වුනා. මේ සිද්ධිය පාදක කරෙගන ඉතාම සුලු කාලයක් තුළ දිවයින පුරාම කළහකාරි සිදුවීම් ඇතිවෙන්න පටන් ගත්තා. ඇඳිරි නීතිය පනවලා ත්‍රවිධ හමුදාව ස්ථානගත කරන්න ප්‍රථමයෙන් මෙම ක්‍රියාදාමය සංවිධානත්මකව රට පුරාම සිදුවුනා.

පැය කීපයක් ඇතුළ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුළු නව දෙනෙක්  අමානුෂිකව පහර දීලා මරා දමනු ලැබුවා. තුන්සීයකට ආසන්න සංඛ්‍යාවක් රෝහල්ගත කළා. නිවාස විශාල ප්‍රමාණයක් ගිනිබත් කළා. රට පුරාම මංකොල්ල කන්න පටන් ගත්තා.

මේ සිද්ධීනට පාදක වුණු  මුල් සිද්ධිය පක්ෂපාතීත්වයකින් තොරව දැඩි ලෙස හෙළා දකිනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කරන්නටත් නිසි කටයුතු කරන්නටත් පොලිස්පතිවරයාට උපදෙස් දීලා තියනවා.

ඒ කෙසේ වුනත් ඉන් පසුව සිදුවුන මිනී මැරීම්, බිය ගැන්වීම්. පහර දීම්, දේපල විනාශ කිරීම්, ඇතුළු මේ   ම්ලේච්ඡ සිදුවීම් මාලාව කිසිසේත්ම සාධාරණීකරණය කිරීමට හැකියාවක් නෑ.

මෙම සිද්ධිය වූ මොහොතේ   සිට ආරක්ෂක මණ්ඩලය සම්බන්ධ කරගෙන රට සාමකාමී කරන්න පියවර ගනිමින් සිටිනවා. මේ අවස්ථාවේ දී  රජයේ මූලිකම වගකීම වන්නෙ සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි.

කළහකාරීන්ට එරෙහිව දැඩි ලෙස නිතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට  නියෝග ලබා දී තිබෙනවා.

මේ සිද්දියට සම්බන්ධ වුනු, සැලසුම් කළ,  අනුබලදුන් සහ ප්‍රචාරණය කළ හැම දෙනාටම විරුද්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා.

එබැවින් මෙවැනි කඩාකප්පල්කාරී සියලු දේ වලින් ඉවත්වෙන ලෙස මා ඉල්ලා සිටිනවා.  මෙතෙක් සිදුවන ජීවිත සහ දේපල හානි දෙස බලා තව දුරටත් වෛරය වපුරුවන කණ්ඩායම් හෙළා දකින්නට අපි මේ රටේ වගකිව යුතු පුරවැසියන්ගෙන්  ඉල්ලා සිටිනවා

ආරක්ෂාව තහවුරු කරන්නට කටයුතු කරනවා වගේම රටේ    දේශපාලන සථාවරත්වය ඇති කිරීම සඳහා මම  සියලුම පක්ෂ නායකයින් එක්ක කටයුතු කරනවා. වර්තමානයේ ඇති වී තිබෙ තත්ත්වය පාලනය කරන්න අරාජිකත්වයයට වළක්වා ගන්න,  රජයේ කටයුතු පවත්වාගන්න  නව ආණ්ඩුවක් පිහිටුවීමට  මා කටයුතු කරමින් සිටිනවා.

මේ සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයගේ විශ්වාසය දිනා ගත්ත, රටේ ජනතාවගේ විශ්වාසය තහවුරු කරගත හැකි  අගමැතිවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවනවා.

පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වැනි සංශෝධනයේ අන්තර්ගතය නැවත    බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් මා කරනවා.

පත්වන  නව රජයේ අගමැතිවරයාට නව වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරලා රට ඉදිරියට ගෙනයන්නට  අවස්ථාව සලසා දෙනවා.

ඒ වගේම  විවිධ පාර්ශව වලින් ජනාධිපති ක්‍රමය අහොස් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. පත්වන නව රජය රට ස්ථාවර කිරීමෙන් පසු සියලු දෙනා සමගම සාකච්චා කරලා ඒ සඳහා කටයුතු කිරීමටත් ඉඩ ප්‍රස්ථා සලසා දෙනවා.

මේ අතිශය දුෂ්කර අවස්ථාවේ  රට කඩා වැටීමට ඉඩ නොදී ජන ජීවිතයට අවශ්‍ය සියලු දේ සැපයීමට රාජ්‍ය යාන්ත්‍රණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න  මට  සහාය දෙන ලෙස ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේ දී සාමකාමීව හා කල්පනාකාරිව හැසිරෙන මෙන් සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඕනෑකමින්    ඉල්ලා සිටිනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේ අඩිපාරේ යන පාකිස්ථානය

Next Post

ඇඳිරි නීතිය හෙට උදේ 7 සිට සවස 2 තෙක් ඉවතට

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.