ශ්‍රියානි විජේසිංහ –
කරාපිටිය රෝහලේ පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයාට පහර දුන් එම රෝහලේ සුළු සේවකයින් හතර දෙනා සම්බන්ධයෙන් වහාම නිතිය ක්‍රියාත්මක කරන ලෙස රෝහලේ සමස්ත වෛද්‍යවරු බලධාරින්ගෙන් ඉල්ලීමක් කරති.
රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ද සහයෝග ඉල්ලා ඇති බැවින් ඔවුන්ද සිය සහයෝගය ලබා දීමට එකග වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටි ශාඛාවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය කමල් කොඩිකාර පැවසුවේය.
මේ සිද්ධියට සම්බන්ධ රෝහල් සුළු සේවකයින් හතර දෙනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකළහොත් රෝහලේ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් දැඩි තින්දු තීරණයන් ගැනීමට එකග වී ඇතැයි වෛද්‍ය කොඩිකාර සඳහන් කළේය.
විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා අකුරට වැඩ කරන බවත් රෝගීන් අපහසුවට පත්වෙන බැවින් වර්ජන ක්‍රියාමාර්ගයන් හෙළා දකිමින් කටයුතු කරන පුද්ගලයෙකු බවත් පෙන්වා දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වනවිට ඔහු සිය සේවයෙන් විශ්‍රාම ගැනීමට අවශ්‍ය ලිපිය රෝහල් අධ්‍යක්ෂවරයාට යොමුකර ඇතැයි පවසයි.







