ශ්‍රි ලංකාවේ වායුගෝලයේ ගුණාත්මක තත්ත්වය ඊයේ (10) දිනයට සාපෙක්ෂව අද (11) හොඳ අතට වර්ධනය වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නවතම වාර්තා පෙන්වා දෙයි. එසේ වුවද කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ශරීර සෞඛ්‍යයට අහිතකර මට්ටමේ වායු තත්ත්වයක් දක්නට ඇති බව එම දත්ත මඟින් පෙනී යයි.
අද (11) උදෑසන නිකුත් කෙරුණු දත්තවලට අනුව වායුගෝලීය ගුණාත්මක දර්ශක ඒකක 101ත් 150ත් අතර අගයක් පෙන්නුම් කළ ප්‍රදේශ අතර කොළඹ දූෂණ මට්ටම ඉහළ අගයක් ගනී. එ අනුව කොළඹ වායු ගුණාත්මක දර්ශක ඒකක 123ක් වාර්තා කළ අතර දෙවැනියට දූෂිත වායු මට්ටම් නිරීක්ෂණය වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙනි. ඒ ඒකක 117ක් ලෙසිනි. යාපනයේ මෙම මට්ටම ඒකක 109ක් වන අතර මහනුවර ඒකක 106, පොළොන්නරුව 103, කුරුණෑගල 100ක් ලෙස වාර්තා විය.
සෙසු පළාත්වල අගය ඒකක 100ට පහළ පවතනි අතර අද දිනය තුළ මේ දූෂිත තත්ත්වය කෙමෙන් පහව යනු ඇතැයි පුරොකථනය කෙරී ඇත.
වායු දර්ශක වගුවට පහත සම්බන්ධය ක්ලික් කරන්න