ඉදිරි සති තුන හෝ ඊට වැඩි කාලය තුළ කොවිඩ් මරණ වැඩි වීම නොවැළැක්විය හැකි බවත් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ ලෙස නිර්දේශ 7ක් සහිත ලිපියක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවා තිබේ.
රෝහල් රසායනාගාර, කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය සේවකයින්ගෙ උපරිම ධාරිතාව දෙගුණයකටත් වඩා ඉක්මවා ඇති බැවින් අධික වෙහෙස නිසා ඔවුන් ශාරීරිකව හා මානසිකව ඇද වැටීමට ඉඩ ඇති නිසා සෞඛ්‍ය සේවා පසුබෑමට ලක්වීමට පෙර වහා අවධානය යොමු කළ යුතු කරුණු ගණනාවක් ඊට ඇතුළත් වේ.
මෙරට ජනතාවගෙන් 60%කට වත් අවම වශයෙන් එන්නත ලබා දෙන තෙක් එම නිර්දේශ කෙරෙහි හැකි ඉක්මනින් පියවර ගතයුතු බව එම ලිපියේ දැක්වේ.