තුර්කිය කේන්ද්‍ර කරගෙන ලෝකය පුරා ව්‍යාප්ත අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් ෆෙටුල්ලානු ත්‍රස්ත සංවිධානය (ෆෙටෝ FETO) පසුගිය කාලයේ ශ්‍රි ලංකාවටද උපක්රමිකව රිංගාගෙන මෙරට පාසල් ව්‍යාපාර සහ වානිජ සංවිධාන ගොඩනගාගෙන සිටියද මේ වනවිට ඔවුන් ශ්‍රි ලංකාවෙන් පිටව ගොස් ඇති බවත් ඔවුන්ගේ පාලනය යටතේ පැවැති ජාත්‍යන්තර පාසලක් දේශීය ව්‍යාපාරිකයකු වෙත විකුණා දමා ඇති බවත් තුර්කි තානාපතිනිය වන රකිබ් ඩෙමෙට් සෙකෙසියෝග්ලු (Rakibe Demet Şekercioğlu) හෙළි කරයි.
ඇය මේ බව අනාවරණය කර තිබුණේ අද ඩේලිමිරර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි.
කෙසේ වුවද මෙම අන්තවාදී ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ පාර්ශ්ව පිළිබඳව තවදුරටත් ශ්‍රි ලංකා රජය දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවද ඇය මෙම සම්මුඛ සාකච්ඡාවේ දී පවසා තිබේ.
ඩේලි මිරර් පුවත් පතේ කැළුම් බණ්ඩාර සමඟ සිදු කර ඇති මෙම සාකච්ඡාවේදී තානාපතිවරිය පවසා තිබුණේ 2016 වසරේ ජූලි මාසයේ තුර්කියේ පාලන බලය අල්ලා ගැනීමට ෆෙටෝ ත්‍රස්ත කණ්ඩායම විසින් ගන්නා ලද අසාර්ථක උත්සාහ මර්දනය කිරීමෙන් පසුව ඔවුන් තුර්කියෙන් ඈත් ව ගෝලීය ව ව්‍යාප්ත වී ඇති බවයි.
1970 දී ෆෙටුල්ලා ගිලෙන් විසින් ආරම්භ කරන ලද මෙම විනාශකාරී අන්තවාදී ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් එක් එක් රටවල විවිධ වේශයන්ගෙන් ව්‍යාප්තව සිටින අතර ඔවුන් විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්රය තුළ සහ ව්‍යාපාර ක්ෂේත්රය තුළ තම ආධිපත්‍යය පතුරවයි.
ඒ අනුව විවිධ රටවල මෙම සංවිධානය විවිධ නම්වලින් ජාත්‍යන්තර පාසල් ආරම්භ කරන අතර සූක්ෂම ලෙස දරුවන්ටත් දෙමාපියන්ටත් ඔවුන්ගේ සංවිධානයේ මතවාදය කාවැද්දවීමේ කාර්යයයේ නිරත වෙයි.
එසේම විවිධ නීති විරෝධි ජාවාරම්, කළු සල්ලි ආයෝජන ඇතුළු ආයෝජන හරහා රටවල ආර්ථිකයටද සම්බන්ධ වන ඔවුන්ගේ අරමුණ තම සංවිධනය ශක්තිමත් කිරීම තම ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් සහ බලය වැඩි කිරීම බව තානාපතිනිය පෙන්වා දෙයි.
මෙම සංවිධනය සම්බන්ධයෙන් තුර්කිය නිරන්තර අවධානයෙන් පසුවන බවත් එහි සාමාජිකයන් මෙරටට පැමිණි විගස එරට බුද්ධි අංශ මඟින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙරට රජය දැනුවත් කළ බව සඳහන් කර ඇති තානාපතිවරු මෙම ෆෙටෝ ත්‍රස්ත කණ්ඩායම මේ වනවිට ශ්‍රි ලංකාව හැර ගොස් ඇති බව හෙළි කරයි.