අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවට රිංගූ තුර්කි ෆෙටෝ ත්‍රස්තයින් පැනගිහින් – පටන් ගත්තු පාසලත් විකුණලා

තුර්කි තානාපතිනිය හෙළිකරයි

by Lanka Sara Editor
අගෝස්තු 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

තුර්කිය කේන්ද්‍ර කරගෙන ලෝකය පුරා ව්‍යාප්ත අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් ෆෙටුල්ලානු ත්‍රස්ත සංවිධානය (ෆෙටෝ FETO) පසුගිය කාලයේ ශ්‍රි ලංකාවටද උපක්‍රමිකව රිංගාගෙන මෙරට පාසල් ව්‍යාපාර සහ වානිජ සංවිධාන ගොඩනගාගෙන සිටියද මේ වනවිට ඔවුන් ශ්‍රි ලංකාවෙන් පිටව ගොස් ඇති බවත් ඔවුන්ගේ පාලනය යටතේ පැවැති ජාත්‍යන්තර පාසලක් දේශීය ව්‍යාපාරිකයකු වෙත විකුණා දමා ඇති බවත් තුර්කි තානාපතිනිය වන රකිබ් ඩෙමෙට් සෙකෙසියෝග්ලු (Rakibe Demet Şekercioğlu) හෙළි කරයි.

ඇය මේ බව අනාවරණය කර තිබුණේ අද ඩේලිමිරර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි.

කෙසේ වුවද මෙම අන්තවාදී ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ පාර්ශ්ව පිළිබඳව තවදුරටත් ශ්‍රි ලංකා රජය දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවද ඇය මෙම සම්මුඛ සාකච්ඡාවේ දී පවසා තිබේ.

ඩේලි මිරර් පුවත් පතේ කැළුම් බණ්ඩාර සමඟ සිදු කර ඇති මෙම සාකච්ඡාවේදී තානාපතිවරිය පවසා තිබුණේ 2016 වසරේ ජූලි මාසයේ තුර්කියේ පාලන බලය අල්ලා ගැනීමට ෆෙටෝ ත්‍රස්ත කණ්ඩායම විසින් ගන්නා ලද අසාර්ථක උත්සාහ මර්දනය කිරීමෙන් පසුව ඔවුන් තුර්කියෙන් ඈත් ව ගෝලීය ව ව්‍යාප්ත වී ඇති බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

1970 දී ෆෙටුල්ලා ගිලෙන් විසින් ආරම්භ කරන ලද මෙම විනාශකාරී අන්තවාදී ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් එක් එක් රටවල විවිධ වේශයන්ගෙන් ව්‍යාප්තව සිටින අතර ඔවුන් විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සහ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ තම ආධිපත්‍යය පතුරවයි.

ඒ අනුව විවිධ රටවල මෙම සංවිධානය විවිධ නම්වලින් ජාත්‍යන්තර පාසල් ආරම්භ කරන අතර සූක්ෂම ලෙස දරුවන්ටත් දෙමාපියන්ටත් ඔවුන්ගේ සංවිධානයේ මතවාදය කාවැද්දවීමේ කාර්යයයේ නිරත වෙයි.

එසේම විවිධ නීති විරෝධි ජාවාරම්, කළු සල්ලි ආයෝජන ඇතුළු ආයෝජන හරහා රටවල ආර්ථිකයටද සම්බන්ධ වන ඔවුන්ගේ අරමුණ තම සංවිධනය ශක්තිමත් කිරීම තම ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් සහ බලය වැඩි කිරීම බව තානාපතිනිය පෙන්වා දෙයි.

මෙම සංවිධනය සම්බන්ධයෙන් තුර්කිය නිරන්තර අවධානයෙන් පසුවන බවත් එහි සාමාජිකයන් මෙරටට පැමිණි විගස එරට බුද්ධි අංශ මඟින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙරට රජය දැනුවත් කළ බව සඳහන් කර ඇති තානාපතිවරු මෙම ෆෙටෝ ත්‍රස්ත කණ්ඩායම මේ වනවිට ශ්‍රි ලංකාව හැර ගොස් ඇති බව හෙළි කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිරෝධායන මධ්‍යස්ථානවලත් , නිවෙස්වලත් නිරෝධායනය කළ පුද්ගලයන්ට චන්ද අයිතිය අහිමියි

Next Post

මැතිවරණ රැකවරණයට හෙට සිට ජංගම මුර සේවයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.