දිනසේන රතුගමගේ –
යාපනය තෙලිප්පලෙයි රෝහලේ ඖෂධ ගබඩාව තුළ හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එහි ගබඩාවක තිබූ ඖෂධ විශාල ප්රමාණයක් ඊයේ (26) රාත්රියේ ගිනිගෙන විනාශ වී තිබේ.
යාපනය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය හා ආරක්ෂ අංශ පැමිණ ගින්න පාලනය කිරීම නිසා රෝහලේ සෙසු ගොඩනැගිලිවලට ගින්න පැතිර යාම වැළකී ගොස් තිබේ.
ගින්න්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යාපනය චුන්නාකම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇත.