කුප්‍රකට රඹුක්කන ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනා ඇප මත මුදාහැරීමට විරුද්ධ වන බව නීතිපතිවරයා අභියාචනාධිකරණට අද (27) දැනුම් දුන්නේය.
.මෙම මිනීමැරුම සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලමින් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනා ඉදිරිපත් කළ රිට් පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මේ බව අධිකරණයට ප්‍රකාශ කළේය.
එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවන්ගෙන් සමන්විත මඩුල්ල ඉදිරියේ කැඳවා තිබිණි.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු, අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයින් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධත්වයක් නො දක්වනවා නම් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් මතු නොවන බවය.
ඒ අවස්ථාවේ දී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණය වෙත දන්වා සිටියේ, ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් තම පාර්ශවය විරුද්ධ වන බවය.
ඒ අනුව මෙම පෙත්සම සලකා බැලීම ලබන 29 වන දා නැවත කැඳවීමටත් එදින අතුරු ඉල්ලීම් පිළිබඳව කරුණු සලකා බැලීමටත් අභියාචනාධිකරණය තීරණය කළේය.
රඹුක්කන – නාරංබැද්ද පදිංචිව 40 හැවිරිදි චමින්ද ලක්ෂාන් නමැති දෙදරු පියෙක් මේ සිද්ධියෙන් ඝාතනය වූයේය.