වේදනා නාශක ඖෂධ අධි මාත්‍රාවක් පානය කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු ප්‍රතිකාර සඳහා අද (10) දහවල් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මගින් පන්ති තහනම් කරනු ලැබීම නිසා මෙම සිසුවාට මෙවර විභාගයට පෙනී සිටීමට අවස්ථාව නොලැබී ඇතැයි වාර්තා වේ.
මෙම සිසුවා ඇතුළු සිසුන් 10 දෙනෙකුට නවක වදය ලබාදීමේ සිද්ධියක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මගින් වසර දෙකක පන්ති තහනමක් පනවා තිබී ඇත.
ඉන් මාස 07 ක කාලයක් ගත වූ පසු අදාළ දඬුවම වරසක කාලයක් සඳහා අත්හිටවූ දඬුවමක් බවට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
පන්ති තහනම හේතුවෙන් මෙම සිසුවා මාස 07 ක කාලයක් පන්ති වලට සහභාගි වී නොතිබීම මත ඔහුට දෙවන වසරේ විභාගයට පෙනී සිටීමට කළමනාකරණ පීඨය අවස්ථාව ලබා දී නොමැත.
විශ්වවිද්‍යාලයෙන් පිටත නවාතැනක සිටිය දී වේදනා නාශක අධි මාත්‍රාවක් ලබාගත් සිසුවා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන අතර විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා නොදීම නිසා මොහු මෙම වේදනා නාශක පානය කළේ ද යන්න තහවුරුව නැතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් කීය.







