ශ්‍රියානි විජේසිංහ –
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමිය ජනතාවගේ රුධිරයේ ඊයම් අන්තර්ගතව ඇතැයි පර්යේෂණයකින් තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ හිටපු අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් සඳහන් කරයි.
රුධියේ ඊයම් නොමැතිවිය යුතු නමුත් මෙහි ජනතාවගේ රුධිරය ඩෙසිලීටරයකට මයික්රෝග්රෑම් 3 -9 දක්වා ප්‍රමාණයක් අන්තර්ගතව ඇතැයි පර්යේෂණයේදී හෙලිවිනැයි හෙතෙම පැවසීය.
ඇමරිකා එක්සත්ජනපදයේ ජනතාවගේ රුධිරයේ අන්තර්ගත ඊයම් ප්‍රමාණය දශම 1ක් යැයි තහවූරු වී ඇතැයිද වෛද්‍ය ජයලාල් මහතා පෙන්වාදේ.
මේ හේතුතවෙන් මෙහි ජනතාවගේ ස්නායු ආබාධ, වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩපණ වීම, අධිරුධිරපිඩනය වැඩිවීම වැනි රෝග ගණනාවකට ගොදුරු වන බව හෙලිව ඇතැයිද වෛද්‍ය ජයලාල් පෙන්වාදේ.
තවද රුධිරයේ ඊයම් නොතිබිය යුතු නමුත් රුධිරයේ ඊයම් තිබීම හේතුවෙන් ළමයින්ගේ බුද්ධිමට්ටමට අඩුවන බව ද තහවුරු වී ඇත.
ඔවුන් ගන්නා ආහාර හා පානය කරන ජලයේ ඊයම් අන්තර්ගතව විමත් එම ආහාරපාන පරිභෝජනය කිරීමත් හේතුවෙන් රුධිරයට මෙසේ ඊයම් එකතු වී ඇති බවත් පර්යේෂණයේදී තහවුරු විනැයි වෛද්‍ය ජයලාල් පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමිය ප්‍රදේශයේ කීපයක් අහඹු ලෙස තෝරා ගනිමින් මෙම පර්යේෂණ කළ බවත් ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයකම අහඹු ලෙස පුද්ගලයින් තෝරා ගනිමින් මෙම පර්යේෂණය ආරම්භ කරන බවත් හෙතෙම පැවසීය.
මීට අමතරව තෝරාගත් ආහාර කීපයක් පිලිබඳව පර්යේෂණ පවත්වා ඒවායේ ඊයම් අඩංගුව පවතින්නේද යන්න පිළිබදව ද සොයා බැලීමට කටයුතු කරන බව වෛද්‍ය වෛද්‍ය ජයලාල් මහතා පැවසීය