හැටන් රංජිත් රාජපක්ෂ –
මහනුවර අධිකරණ සංකිර්ණය තුළ බොම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබාදුන් දුරකථන අංකයේ හිමිකරු අද (02) දින දහවල් ගිනිගත්හේන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ පැවසිය.
මහනුවර පොලිසිය විසින් ගිනිගත්හේන පොලිසිය වෙත ලබාදුන් තොරතුරු මත ගිනිගත්හේන කඩවල ප්රදේශයේ පදිංචි අවුරුදු 53ක් වයසැති සිම්කාඩ්පතේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඔහු සන්තකයේ දුරකථනයක් නොතිබුණු බවත්, තම දුරකථනය ඊයේ (01) දින දහවල් අස්ථානගත වු බව සැකකරු විසින් පොලිසියට පවසා ඇත.
සැකකරු පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු වශයෙන් සේවය කර ඇති බවත්, ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ