අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ අදහසක් නොමැති බවත් ජනාධිපතිවරයාට එවැනි අස්වීමේ ලිපියක් යැවූ බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් අධිකරණ අමාතය අලි සබ්රි මහතා ලංකාසර ට පැවසීය.
කොවිඩ් ආසාදනයෙන් මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු සම්බන්ධයෙන් තමන්ට රජය කරගෙන යන වැඩපිළිවෙළට වෙනස් මතයක සිටියත් ඒ අයුරින් තනතුරුවලින් අස්වීමේ අවශ්‍යතාවක් හෝ අදහසක් නොමැති බවද ඔහු පැවසීය.
අද දින ජනාධිපතිවරයා වෙත තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපියක් දුන් බවට වන වාර්තා පිළිබඳ ව අමාත්‍යවරයාගෙන් කළ විමසීමට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ තමන්ට එම මතය දැරීමට අයිතියක් ඇති බවත් එය රජයේ සාමාජිකයකු ලෙස වගකීම් දැරීමට බාධාවක් නොවන බවය.