දිනසේන රතුගමගේ –
උතුරු පළාතෙන් බිහි වී ශ්‍රී ලංකාවේ සේවය කරණ පලමු ද්‍රවිඩ ජාතික ගුවන් නියමුවරියවීමේ භාග්‍යය මන්නාරමේ තරුණියකට හිමි වී තිබේ.
මන්නාරමේ ඉතාම දුෂ්කර ගම්මානයක් වන මාන්තෙයි බටහිර වට්ටකන්ඩල් කාතන්කුලම් ගම්මානයේ ජීවත් වන එමානුවෙල් එවැන්ජලීන් නැමති තරුණියට මේ අවස්ථාව උදා වී තිබේ.
මන්නාරම ශාන්ත සේවියර් බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය කොළඹ ආසියානු ගුවන් සේවා මධ්‍යස්ථානයට බැදී ගුවන් නියමු පුහුණු පාඨමාලාව හදාරා තිබේ.
කුඩා කාලයේ සිටම ගුවන් නියමුවරියක් වීමේ සිහිනයකින් ජීවත් වු ඇයගේ දෙමව්පියන් වන්නේ ෆ්‍රැන්සිස් එමානුවෙල් හා එස්. සිලම්මා යන දෙපළයි.
උතුරේ දෙමළ තරුණියන් මීට පෙර ගුවන් නියමුවරියන් වශයෙන් පුහුණුව ලබා සේවය කරණ නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුත් ශ්‍රී ලංකාවේදී පුහුණුව ලැබීමක් හෝ ශ්‍රී ලංකාවට සේවය කිරීමක් නොකරයි.