සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලන්නෙ එදාවේල විතරයි… එපා කියද්දි දුවවපු කැලණිතිස්ස බලාගාරය දින 03කින් බිඳ වැටෙයි…

by editor
ඔක්තෝබර් 24, 2022
in පුවත්
kelanithissa
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරය ක්‍රියාත්මක කළ දා සිට දින තුනකින් පසු නැවතත් බිඳ වැටී ඇති බවත් දැනට සති දෙකක් තිස්සේ බලාගාරය ඇත්තේ අක්‍රීය තත්ත්වයක බවත් වාර්තා වේ.  

නොරොච්චෝල තුන්වන බලාගාරය බිඳවැටුණු පසු    කැලණිතිස්ස බලාගාරය පද්ධතියට එක්කරන්නේ ඒ වනවිට  මතුවී තිබුණ කාර්මික දෝෂය නිවැරදිව හඳුනාගෙන පිළියම් කිරීමකින් තොරවය.

එසේ කිරීමෙන් වලකින  ලෙසත් මේ මට්ටමින් බලාගාරය ක්‍රියාත්මක කළහොත් විශාල ව්‍යසනයක් සිදුවන බවත්  වෘත්තීය සමිති සහ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම සහිත කණ්ඩායම්  විසින් යළි යළිත් පෙන්වා දී තිබිණි.

එසේ තිබියදී ක්‍රියාත්මක කළ බලාගාරය පද්ධතියට එත්  කළ දින සිට  දින තුනක් ඇතුළත යළි  බිඳවැටී ඇත්තේ එහි බෙයාරින් කොටසක් විනාශ වී යෑමෙන් බව වාර්තා වේ.

හදිසි අවස්ථාවක විකල්ප විදුලි ජනනය ලෙස මෙගවොට් 110ක ධාරිතාවක් සහිතව ක්‍රියාත්මක කළ හැකි ජාතිය සතු එකම ඉහළ තාක්ෂණික බලාගාරය සම්බන්ධ  අනතුරුදායක තත්ත්වය පැහැදිලිවම ජනතාවට හෙළිදරව් කළ ලංකා විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය  පෙන්වා දෙන්නේ මේ වනවිට විනාශ වූ බෙයාරින් වෙනුවට නව අමතරකොටස් ගුවන් මගින් ගෙන්වා රහසිගත අලුත්වැඩියාවක් සඳහා සූදානම් වන බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ    සභාපති ඒ.ජී.යූ නිශාන්ත ලංකාසරට අදහස් දක්වමින් හෙළිදරවු කරන්නේ   මේ අලවන පැලැස්තරයෙන්   බලාගාරයට ආකාර කීපයකින් හානි සිදුවී එය මුලුමනින්ම ව්‍යසනයට ලක්විමේ අවදානමක් ගැනය.

ඔහු මෙසේ ද පැවසුවේය.

විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ    සභාපති ඒ.ජී.යූ නිශාන්ත

කැලණිතිස්ස බිඳවැටුණ හැටි

“නොරොච්චෝලෙ තුන්වන බලාගාරය කැඩුනා. ඒ අවස්ථාවෙදි පද්ධතියට විදුලි ජනනය සඳහා යොදවන්න තිබුණෙ   කැලණිතිස්ස ද්විත්ව කාර්ය බලාගාරය.

ප්‍රශ්නය තිබුනේ මේ බලාගාරයේ 2021 නඩත්තුවේ දී ඇති වී තිබුණු දෝෂය නිවැරදි කරලා තිබුණෙ නැතිවීමයි. මේ සම්බන්ධව අපි දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කරමින් සිදුවිය හැකි තත්ත්වය පැහැදිළි කළා. ඔවුන් කල්පනා කළේ ඒ අවස්ථාව ගැන විතරයි. එපා කියද්දි බලාගාරය  ක්‍රියාත්මක කරලා දවස් තුනයි… අප අනතුරු ඇගයීම කළ ආකාරයටම බලාගාරය බිඳ වැටුණා.  එහි බෙයාරින් කොටස කැඩිලා ගියා.

ඊට පස්සේ ඔවුන් කඩිමුඩියේ ගුවන් මගින් බෙයාරින් එක ගෙන්වා ගත්තා. වටිනාකම රුපියල් මිලියන 40යි. දැන්  එය මාරු කරන්න යනවා හොර රහසෙම.

මේකෙ තියන අවදානම තමයි කලින් බිඳුන බෙයාරින් එකේ කොටස් යන්ත්‍රයේ  ඔයිල්වලට  මිශ්‍ර වෙලා තියෙන්න පුලුවන්. එය තහවුරු කර නොගෙන මේ අලුතින්    දාන බෙයාරින් එක සවිකරලා වැඩ කරන්න ගියොත් එයට හානි වීමට ඇති සම්භාවිතාව අතිශයින්ම වැඩියි. ඔයිල් මාරු කරන්න ගියොත් විශාල වියදමක් දරන්න වෙනව. පිටින් පැලැස්තර දාන්නෙ නැතිව නිවැරදි තත්ත්වය හොයාගන්න කියලා අපි කියන්නෙ ඒකයි.

Kelenithissa
බලාගාරයේ හානි වූ කොටස්….

පැලැස්තරයට වියදම රුපියල් මිලියන 90යි

දෙවැනි කාරණාව මේක හිසරදයට කොට්ට මාරු කරනවා වගේ වැඩක්. ප්‍රශ්නය තියෙන්නෙ ඇක්සෙල් එකේ. එය නිවැරදි කරන්නෙ නැතිව මේ පැලැස්තරය අලවන්න කලින් වතාවෙ මිලියන 50ක් වියදම් කළා. මෙවර බෙයාරින් වලට මිලියන 40ක් වියදම් කළා. පැලැස්තරයට විතරක්  දැනට මිලියන 90ක් වියදම් වෙලා තියනවා.  .

අප යෝජනා කරන්නෙ මේ  දෝෂය හොයලා නිවැරදිව ප්‍රතිකර්මය කළ යුතුයි. ඒ වගේම මේ ජාතික අපරාධය වෙන්න හළ පාර්ශවයන්ට විනය පරීක්ෂණයක් තබා    දඬුවම් කළ යුතුයි. මේ තත්ත්වයට වගකියන්න ඕන ප්‍රධාන වශයෙන්ම බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ බලාගාරයේ  යාන්ත්‍රික   ඉංජිනේරුවරු..

මේ බලාගාරය දුවන්නේ පරිපහදුවෙ අතුරුපලයක් වෙච්චි නැප්තා වලින්. නැප්තා භාවිතා කරන එකම බලාගාරය  තමයි මේ.

ඒ වගේම ජාතික පද්ධතියට හදිසියකට සම්බන්ධ කරගන්න  තියන තාක්ෂණය අතින් උසස් ජාතික බලාගාරය තමයි මේ බලාගාරය.

kelanithissa
කැලණිතිස්ස ද්විත්ව කාර්යය බලාගාරය…

බලාගාරයේ නඩත්තු සඳහා දැරූ වියදම  

මේ  බලාගාරය 2019 දි කැඩුනා. දින 585ක් ගියා නැවත අළුත්වැඩියා කරන්න. ඒ වකවානුව තුළ ජාතියට සිදුවේචචි පාඩුව කොමිසමකින් ගණනය කළා. රුපියල් බිලියන 21.5යි.

ඍජුව නඩත්තුව සඳහා දැරූ වියදම  රුපියල් මිලියන 500 ක ට වැඩියි.    එම නඩත්තුවෙන් පසු යන්ත්‍ර කොටස් සවිකිරීමේදී නොසැලකිල්ල සහ නිසි අධීක්ෂණයක් නොමැති කම නිසාම  එහි  බෙයාරින් සහ  රොටර් කොටස්වලට බරපතළ ලෙස හානි සිදුවුනා,

ඒ සඳහා පැලැස්තර විසඳුමක් ලෙස චීන කණ්ඩායමක් යොදවා ඇමරිකානු ඩොලර් 150000 පමණ වියදම් කර මාසයක් පමණ කාලයක් මිඩංගු කර යළි අලුත් වැඩියා කළා.  එය 2021 මැයි මාසය දී .

එතැන් සිට මේ දක්වා පැය අටසීයකට ආසන්න කාලයක් පමණයි බලාගාරය  ධාවනයට එක් කරලා තියෙන්නෙ. යළිත් බිඳ වැටීමක්. ඒ බිඳවැටීමටත් පැලැස්තර විසඳුමක් හොයනවා.

මේ විදිහට පැලැස්තර විසඳුම් දීලා මේක දුවන්න ගියොත්   ආයෙ 2019  දි අලුත්වැඩියා කළ කොටස්වලටත් බරපතල හානියක් වෙන්න පුලුවන්. ඒ අලුත්වැඩියා කළ  කොටසෙ වටිනාකම රුපියල් බිලියන දෙකක්.  මේ අලවන්න හදන පැලැස්තරයෙන් සිදුවන ව්‍යසනයේ බරත් දරන්න වෙන්නෙ මහජනතාවට.

අපි කියන්නෙ  බලාගාරයේ සැබෑ තත්ත්වය රටට හෙලි කරන්න.  ස්වාධිනව පරීක්ෂණයක් කරලා වගකිවයුත්තන්ට ගන්න ක්‍රියාමාර්ගය පැහැදිලි කරන්න.

දින 585 අලුත්වැඩියාවෙදි රුපියල් ලක්ෂ 450කට වඩා වැඩි වියදමක් දරලා තියෙන්නෙ විශේෂඥ ඉංජිනේරු දැනුම ගන්න. අවුරුදු 17ක් තිස්සේ ඒ දැනුම ලංවිම ඉංජිනේරුවරුන්ට ගන්න බැරිවුනේ ඇයි කියන ප්‍රශ්නයත් අපට තියනවා.

ලංකා විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ.ජී.යූ නිශාන්ත කීවේය.

සිද්ධවන දේ කී හැටි… මේ කතාවත් බලන්න….

හදිසි අවස්ථාවක පද්ධතියට එක් කිරීමට ඇති කැලණිතිස්ස බලාගාරය එක් කළ වහාම බිඳ වැටීමට නියමිතයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ ජාතික යෝගාසන තරඟාවලිය

Next Post

ගුවන් සේවිකාවගේ කසාද සහතිකේ සොයන්න ඇමති නිමල් සිරිපාලගෙන් කමිටුවක් ?

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.