ඉන්දියාවේ තරුණයින් 300කගේ සහභාගීත්වයෙන් ජාතික මට්ටමේ යෝගාසන තරඟාවලියක් පසුගියදා ශ්‍රී නගර් හී පැවැත්විණි.
මෙම තරඟාවලිය ශ්‍රී නගර් හී ජේ ඇන්ඩ් කේ ක්‍රිඩා කවුන්සිලය සහ ජෙ ඇන්ඩ් කේ යෝගාසන සංවිධානය විසින් මෙම මෙම සංවිධානය කර තිබීනි.
තරගාවලිය මේ මස පළමුවැනිදා ආරම්භ වූ අතර එමගින් ඉන්දියාවේ යෝගාසන සදහා තක්ෂ තරුණ කොටස් හඳුනා ගැනීම මූලික අරමුණ වී තිබේ. එම දක්ෂ තරුණයින් හඳුනාගෙන ඔවුන් ජාත්‍යන්තර මට්මේ තරඟ සඳහා යොමු කිරීමටත් ඊට අවශ්‍ය නිසි පුහුණුම ලබාදීමත් මෙහි අරමුණ වී ඇත.
දක්ෂ තරුණ කොටස් හඳුනා ගැනීමට අමතරව මත්ද්‍රව්‍ය සහ අනෙකුත් සමාජ විරෝධ ක්‍රියවලට තරුණ කොටස් යොමුවීම වලක්වා ගැනීමටත් ඔවුන් හට පැහැබර අනාගතයක් ලබා දීමටත් සංවිධායකයින් අරමුණු කර ගෙන තිබීමද විශේෂත්වයකි.
මෙම තරඟාවලිය සම්බන්ධයෙන් එහ සංවිධාන මණ්ඩලයේ සමාජිකයෙකු මෙන්ම යෝගාසන පුහුණකරුවෙකු වන ශබීර් අහමඩ් පවසා ඇත්තේ ‟යෝගාසන කියන්නේ ඉතාම තරඟකාරී ක්‍රීඩාවක්. ඉන්දීය රජය විසින් ගෝගාසන ක්‍රිඩාවක් වශයෙන් 2018 වර්ෂයේදී ප්‍රකාශයටත් පත් කළා. එලෙස ප්‍රකාශයට පත් කළ පසු පවත්වන තෙවන යෝගාසන තරඟාවලිය මෙයයි.” යනුවෙනි.
තරඟාවලයිට එක්වූ තරුණ පිරිස් ඉන්දියාව පුරා පිිහිටි අධ්‍යාපන ආයතනය වල අධ්‍යාපනය ලැබූ පිරිස් වන අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාදාවක් නොවන අයුරින් මෙම තරඟාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.







