ශ්‍රි ලංකන් ගුවන් සේවයට විවාහක කාන්තාවක ගුවන් සේවිකාවක ලෙස බඳවා ගෙන ඇති බවට පැවසෙන චෝදනාව සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කරන බවට ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රි ලංකන් සේවකයෝ විමතිය පළ කරති.
වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවා පාඩුවක් ලබන මෙම ආයතනයේ කාර්යක්ෂමතාව සහ ලාබදායී බව ඉහළ නැංවීම පිළිබඳව කටයුතු රැසක් තිබිය දී කාන්තාවකගේ විවාහ අවිවාහ බව සෙවීමට කාලය සහ මුදල් වැය කරමින් විශේෂ කමිටුවක් පත් කිරීම අනවශ්‍ය බවත් එය ඉතා සරලව සමාගමේ මානව සම්පත් අංශය සහ විහේෂ විමර්ෂණ හරහා සිදු කළ හැකි බවත් ඔවුහු පෙන්වා දෙති.
පසුගියදා පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් මෙලෙස ශ්‍රි ලංකන් ගුවන් සේවයට ගුවන් සේවිකාවක් ලෙස විවාහක කාන්තාවක බඳවාගෙන ඇතැයි චෝදනා කළ අතර එම සමාගමේ ම නීති රීති අනුව මෙම තනතුර සඳහා බඳවා ගනු ලබන්කේ අවිවාහක කාන්තාවන් බව සඳහන් වේ.
මේ අවස්ථාවේදී ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා පිළිබඳව සොයා බැලීමට කමිටුවක් අවශ්‍ය නම් පත් කළ හැකි බවට පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සේවකයන් අතර මෙම කතා බහ ආරම්භ වීමට හේතුවක්ව ඇති ව සඳහන් වේ.







