ලාංකේය භික්ෂු දේශපාලනයේ පුරෝගාමී වෙනසක් කළ පුජ්‍ය බද්දේගම සමිත හිමියෝ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වූහ.
උන්වහන්සේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකි. කොවිඩ් ආසාදිතව සිටි උන්වහන්සේ මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අපවත් වූහ.
අපවත්වන විට උන් වහන්සේ 59 වැනි වියෙහි පසු වූහ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම භික්ෂුන් වහන්සේ වන්නේ ද බද්දේගම සමිත හිමියන්ය.