ශ්‍රී ලාංකිකයන්, ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර මඟින් ගමන් කරන ද්විත්ව පුරවැසියන්, ශ්‍රී ලාංකිකයන්ගේ විදේශික බිරිඳ හෝ ස්වාමි පුරුෂයන් හා අවිවාහක දරුවන්ට සහ ගුවන් මගින් පැමිණෙනන්ට විදේශ අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ව අනුමැතියක් මින් ඉදිරියට අවශ්‍ය නොවන බව විදේශ අමාත්‍යංශය පවසයි. මෙම තත්ත්වය ගුවන් මින් පැමිණෙන ශ්‍රි ලාංකික නාවිකයන්ටද අදාළ වන වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත මෙම කොන්දේසි ලිහිල් කළ බව අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම නව ක්‍රියාපටිපාටිය යටතේ,කළමනාකරණය කළ හැකි මගීන් සංඛ්‍යාවක් පවත්වා ගැනීමේ වගකීම සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත පවරා ඇති අතර, ඔවුන් අදාළ ගුවන් සමාගම් හරහා දේශීය නිරෝධායන හා අවශ්‍ය අනෙකුත් සේවා සැපයුම් සමඟ කටයුතු කළ හැකි ආකාරයට මෙම සංඛ්‍යා නියාමනය කරනු ඇත.පැමිණෙන සියලුම මගීන් මෙහි පැමිණෙන විට ක්‍රියාත්මකව පවතින සෞඛ්‍ය නීති රීති සහ මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදිය යුතු බවද විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.