කීර්ති ප්‍රනාන්දු –
පාසිකුඩාහි පිහිටි අමායා හෝටලයේ පිහිනුම් තටාකයේ ගිලී 06 හැවිරිදි දැරියක් මිය ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ ඊයේ (08) පස්වරුවේ දී මම අනතුර සිදු වී ඇති බවය.
පොලිසිය පවසන්නේ රඹුක්වැල්ල අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි දැරියක් මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බවය.
මෙම දැරිය ඇතුළු පවුලේ සාමාජිකයින් පාසිකුඩා පිහිටි අමායා හෝටලයේ කාලය ගතකරමින් සිටිය දී මෙම අනතුර සිදු වී ඇත.
පිහිනුම් තටාකයේ දිය නෑමට ගිය අවස්ථාවේ දී මෙම දැරිය දියෙහි ගිලී ඇති අතර බරපතල තත්වයෙන් වාලච්චේන රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මේ වනවිට වාලච්චේන රෝහලේ මෘත ශරීරය තැන්පත් කර ඇති බවත් කල්කුඩා පොලිසිය මගින් විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.