පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවාටත් ඔහුගේ කොළඹ නිවාසයට මෙන්ම ගාල්ලේ පිහිටි පෞද්ගලික නිවසටත් වහාම ක්‍රියාත්ම වන පරිදි දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දෙන්නැයි පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ සහකාර පොලිස් අධිකාරිවරයාට පාතාල නායකයකුගෙන් පවතින ජීවිත තර්ජනයක් හේතුවෙන් බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් සිදුකළ දැනුම් දිම්වලින් පසුව මෙලෙස ඔහුටත් ඔහුගේ නිවාසවලටත් ආරක්ෂාව ලබා දීමට කටයුතු කර ඇත.
සහකාර පොලිස් අධිකාරී ළමාහේවා පසුගිය කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන මාකඳුරේ මධුෂ් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනවලට සම්බන්ධව සිටි අතර කොස්ගොඩ තාරක නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා සම්බන්ධයෙන්ද අපරාධ විමර්ශන සිදු කළේය.
ඊට අමතරව තවත් විමර්ශන ගණනාවකට ඔහු සම්බන්ධ වී ඇත. දකුණේ පාතාල නායකයකු වන පොඩි ලැසී නැමැත්තා බන්ධනාගාර භාරයේ සිටියදී රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගත් අවස්ථාවේ ඊට අදාළ විමර්ශන හැසිරවූයේද මෙම සහකාර පොලිස් අධිකාරීවරයා විසින් බව සඳහන් වේ.